110 වැනි ජාත්‍යන්තර කාන්තා දිනය අදයි (08). සෑම වසරකම මාර්තු මස 08 වනදාට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනයේ මෙවර තේමාව වන්නේ ‘රටකි – දැයකි – ලොවකි’ නායකත්වයේ කාන්තාවන්: COVID-19 ලෝකයක සමාන අනාගතයක් අත්කර ගැනීම යනුවෙනි.
කාන්තා දිනයේ මූලාරම්භය වන්නේ 1908 වසරේ මාර්තු 08 වැනි දින අමෙරිකා එක්සත් ජනපදයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවල සේවය කළ කාන්තාවන් 15,000ක් පිරිසක් තම පැය දහසයේ සේවා මුරය පැය 10කට සීමා කිරීම, හොඳ වැටුප් දෙන ලෙසටත්, ඡන්ද අයිතිය දෙන ලෙසටත් ඉල්ලමින් නිව්යෝර්ක් නගරයේ වීදි ඔස්සේ පැවැත්වූ පෙළපාලි හේතුවෙනි.
1909 දී අන්තර්ජාතිකව ලෝක කාන්තා දිනයක් පිළිබඳ අදහසක් ලොව තුළ පැන නැඟුනු අතර ඇමෙරිකානු සමාජවාදී පක්ෂය විසින් පළමු ජාතික කාන්තා දිනය ප්‍රකාශයට පත් කරන ලද්දේය.
මෙහි මූලිකත්වය ගනු ලැබුයේ ක්ලාරා සෙට්කින් නමැති කාන්තාවකි. 1910දී කෝපන්හේගන්හි පැවති වැඩ කරන කාන්තාවන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේදී කාන්තා දිනය පිළීබඳ අදහස් එක් වූ අතර එම සමුළුවට රටවල් 17ක කාන්තාවන් 100 දෙනෙකු සහභාගි වූබව සඳහන් වේ. ඒ අනුව ඇයගේ යෝජනාව ඒකමතිකව එහිදී ස්ථිර විය.
1911දී ලොව රටවල් කිහිපයක ලෝක කාන්තා දිනය සමරනු ලැබු අතර ඔස්ට්‍රියාව, ඩෙන්මාර්කය, ජර්මනිය සහ ස්විට්සර්ලන්තය එම රටවල් අතරට අයත් විය.
1975 වසරේදී එක්සත් ජාතීන්ගේ සංගමය විසින් එය සමරනු ලැබූ අතර මේ වසරේදී සැමරෙන්නේ 1ලෝක කාන්තා දින සැමරුම සිදුනවන්නේ 110 වන ජාත්‍යන්තර කාන්තා දිනයයි.
මෙහිදී කාන්තාවන්ද ඔවුන්ගේ ගරුත්වය සහ වටිනාකම රැකෙන පරිදි කටයුතු කිරීමට වගබලාගත යුතුය. එවිට ඇයට ලොවක් ආදරය කරාවි.. ලොවක් ගරු කරාවි. වසරේ ඒක් දිනකට පමණක් සීමා නොවී ලැබිය යුතු පුදසත්කාර නොඅඩුව ලැබේවි. ඇයව නිරන්තර සිහිවේවි. ඇය ගැන අවධානය යොමුවේවි..