Headlines

    දේශබන්දුට විශේෂ ආරක්ෂාවක්

    රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පියවර ගෙන ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසීය.

    ඔහු මේ වන විට පල්ලෙකැලේ, දුම්බර බන්ධනාගාරයේ ආරක්ෂිත සිර මැදිරියක රඳවා සිටී.

    අධිකරණ නියෝග මත එලෙස විශේෂ ආරක්ෂාවක් සැපයීමට පියවර ගත් බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එක් දිනක්  රක්ෂිත බන්ධනාගාරගත කළ අතර යලිත් ඊට පසු දින  අධිකරණයට ඉදිරිපත් කළේ ය.

    එහිදී දේශබන්දු තෙන්නකෝන් මහතා යළි යලි අප්‍රේල් 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි

     2023 වසරේ දෙසැම්බර් 31 වැනිදා මාතර, වැලිගම හෝටලයක් අසළ සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙකු මියයාම සම්බන්ධයෙන් ය මොහුට විරුද්ධව චෝදනා එල්ල වී ඇත.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *