Headlines

    කොළඹ – නුවර මාර්ගයේ බස් රථ දෙකක් ගැටී 35කට තුවාල

    කොළඹ නුවර මාර්ගයේ වරකාපොල දුම්මලදෙණිය ප්‍රදේශයේදී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයින් 30කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.

    මීට සුළු මොහොතකට පෙර අනතුර සිදුව ඇති අතර අනතුරින් තුවාල ලැබූවන් රෝහල්ගත කිරීමට පියවර ගනිමින් සිටින බව පොලීසිය සඳහන් කළේය.

    කොළඹ මහනුවර අතර ධාවනය වන ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ දෙකක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව සඳහන් වේ. 

    කෙසේ වෙතත් අනතුරින් පසු එම මාර්ගයේ තවත් වාහන කිහිපයක් අනතුරට ලක්ව ඇති අතර මේ හේතුවෙන් කොළඹ නුවර මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින බවද පොලීසිය සඳහන් කළේය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *