අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය (2020) එළඹෙන 10 වන අවසන් වීමට නියමිත වේ.
මෙහිදී විභාගය අවසන්වීමෙන් පසුව සිසුන්ට සාමකාමීව විසිර යන ලෙස විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දෙන අතර විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ විභාගය අවසන්වීමෙන් පසුව විභාග මධ්‍යස්ථානවලදී හෝ එම පරිශ්‍ර තුළදී කළහකාරී ලෙස හැසිරුණහොත් හෝ අනෙක් සිසුන්ට බාධාකාරී ලෙස හැසිරුණහොත් හෝ පොදු දේපළවලට අලාභහානි සිදු කළහොත් විභාග පනත යටතේ දැඩි දඬුවම් පමුණුවන බවයි.
මාධ්‍ය නිවේදනය මගින් වැඩිදුරටත් අවධාරණය කරන්නේ, එම සිසුන්ගේ විභාග ප්‍රතිඵල අවලංගු කිරීමට ද කටයුතු කළ හැකි බවය.
