Headlines

    ඡන්ද කාලේ වෙන සංවර්ධන වැඩ ගැන මැතිවරණ කොමිසමෙන් රජයට දැනුම්දීමක්

    මැතිවරණ සමයේදී රජය විසින් සිදුකරන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ තොරතුරු මැතිවරණ කොමිසමට දැනුම් දෙන ලෙස එම කොමිසම රජයට දන්වා තිබේ.

    ඒ අනුව අමාත්‍යංශ සහ රජයේ දෙපාර්තමේන්තු අදාළ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධ තොරතුරු මැතිවරණ කොමිසම වෙත දැනුම් දිය යුතුය. 

    මැතිවරණ කොමිසම පැවසුවේ දැනුම්දෙනු ලබන එම සංවර්ධන ව්‍යාපෘති කොමිසම විසින් සමාලෝචනය කර අවසන් තීරණයක් ගැනීමට නියමිත බවය.

    එමෙන්ම එම ව්‍යාපෘති අතුරින් මැතිවරණයට බලපෑමක් එල්ල කරනු ලබන යම් ව්‍යාපෘති වේ නම් එම ව්‍යාපෘති මැතිවරණයෙන් පසු සිදු කිරීමට රජයට උපදෙස් ලබා දෙන බවත් මැතිවරණ කොමිසම පැවසීය.

    සාම්ප්‍රදායිකව මැතිවරණ සමයේදී කැබිනට් මණ්ඩලය විසින් ගනු ලබන තීරණ මැතිවරණ කොමිසම වෙත දැනුම් දෙන අතර එම කොමිසම විසින් අදාළ තීරණ සමාලෝචනය කර ඒ සම්බන්ධව රජයට දැනුම් දීම සිදුකරනු ඇත.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *