Headlines

    ශ‍්‍රී ලංකාව කොරෝනා ආසාදිත ප‍්‍රදේශයක් ලෙස නම් කෙරේ..

    ශ්‍රී ලංකාව කොරෝනා රෝගී ආසාදිත බල ප්‍රදේශයක් ලෙස නම් කරන ලද බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි. නමුත් රට පුරාම පුද්ගලික හා රාජ්‍ය ආයතන ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත පවත්වාගෙන යා හැකි යැයි ද ඔහු පවසයි. පවත්වාගෙන යන ඕනෑම ආයතනයක සිටින සේවකයන් සංඛ්‍යාව ප‍්‍රදේශයේ සෞඛ්‍ය බලධාරින් විසින් නිර්දේශ කරනු ඇති…

    Read More

    විස්සෙන් ද්විත්ව පුරවැසිභාවය ඉවත් කර ගන්නා තුරු සටන් කරනවා

    20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනතින් ද්විත්ව පුරවැසිභාවය ඉවත් කරන තුරු අඛණ්ඩ විරෝධතාවක නිරත වන බව මුරුත්තෙට්ටුවේ ආනන්ද සහ ඇල්ලේ ගුණවංශ යන නාහිමිවරු පැවසූහ.  උන්වහන්සේලා එසේ පැවසුවේ ඊයේ (21 දා) නාරාහේන්පිට අභයාරාමයේදී පැවැති මාධ්‍ය හමුවේදීය.  එහිදී අදහස් දක්වමින් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූවේ මේ ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා පෙරමුණ ගත්තේ සංඝරත්නය බවත් සංඝරත්නයේ හ`ඩට ඇහුම්කන් නොදී කටයුතු කරනවා…

    Read More

    අයි.පී.එල්. 2021 ට පෙර රාජස්ථාන් රෝයල්ස් කුමාර් සංගක්කාරව එම කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂක ලෙස පත් කරයි.

    2021 I.P.L ආරම්භයට පෙර අයි.පී.එල්. ශූර රාජස්ථාන් රෝයල්ස් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක හා මේරිලෙබෝන් ක්‍රිකට් සමාජයේ වත්මන් ප්‍රධානී කුමාර් සංගක්කාර මහතා ක්‍රිකට් අධ්‍යක්ෂක ලෙස පත් කර තිබේ. රාජස්ථාන් රෝයල්ස් ඕස්ට්‍රේලියානු පුරාවෘත්තය සහ ඔවුන්ගේ හිටපු නායක ස්ටීව් ස්මිත් සමඟ වෙන්වීමට තීරණය කළ දිනයක මෙම පියවර ගෙන තිබේ. රාජස්ථාන් පදනම් කරගත් ඡන්ද බලය විසින්…

    Read More

    මියන්මාර විරෝධතාවයේ වෙඩි වැදුනු කාන්තාව ජීවිතයත් මරණයත් අතර සටන් කරයි – කුමන්ත්‍රණයට එරෙහිව දස දහස් ගණනක් වීදි උද්ඝෝශණ වලට සහභාගී වෙයි.

    මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයට විරෝධය පළ කරමින් හිසට වෙඩි වැදී ඇති කාන්තාවක් අසාධ්‍ය තත්ත්වයේ පසුවන්නේ යැයි BBC පුවත් සේවය වාර්තා කරයි. පසුබැසීම ප්‍රතික්ෂේප කළ විරෝධතාකරුවන්ට එරෙහිව අඟහරුවාදා පොලිසිය නයි පයි ටව් හි ජල කාලතුවක්කුව භාවිතා කර ඇත. රබර් උණ්ඩ භාවිතා කිරීමට පෙර අනතුරු ඇඟවීමේ වෙඩි අහසට වෙඩි තැබූ බව වාර්තා වන අතර වෛද්‍යවරු පසුව පවසා ඇත්තේ…

    Read More

    ආසාදිතයන් සමාජයෙන් සියල්ල උඩුයටිකුරු වෙයි මරණ ගණන ඉහල යයි

    අද වන විට කොරෝනා වෛරස ව්‍යාප්තිය ගැන පූර්ව අනාවැකි කිව නොහැකි තත්වයට පත්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දෙන්නේ මේ වන විට සමාජය තුළින් රෝගීන් වාර්තා වෙමින් ඇති බවයි. නමුත් තවම වෛරසයේ නියම අවදානම අවබෝධ වී නැතැයිද ඔහු කියා සිටියේය වෛරසය සමාජ ව්‍යාප්තියක් ආරම්භ වූ…

    Read More

    මාර්තු 03 වනදා සිට රුපියල් 20 නව කාසියක් ජනතාව අතර සංසරණයට

    අළුතින් නිකුත් කරන ලද රුපියල් 20 නව කාසියක් මාර්තු 03වනදා සිට මුදල් සංසරණයට එකතු කෙරෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකා මහ බැංකුවට වසර 70ක් පිරීම නිමිත්තෙන් “සමරු සංසරණ” කාසියක් ලෙස මෙය නිකුත් කරනු ලබන මෙම කාසි මිලියන 05ක් ලබන මාර්තුවේ සිට මුදල් සංසරණයට නිකුත් කරනු ලබන අතර කාසිය පැති…

    Read More

    වාසු-විමල්-උදය හදිසි මාධ්‍ය හමුවක් කැදවති…

    විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ස්ථාවරය දැනුම් දීම ආණ්ඩු පක්‍ෂ ඇමතිවරුන් කිහිප දෙනෙකු විසින් මාධ්‍ය හමුවක් කැඳවා තිබේ. විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පතෙහි ඇති ද්විත්ව පුරවැසි බාධකය ඉවත් කිරීමේ වගන්තියට විරෝධය දක්වන පක්ෂවල නායකයන් විසින් මාධ්‍ය හමුව කැඳවා තිබේ. හෙට පෙරවරුවේ කොළඹ දී මෙම හමුව සදහා වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු කිහිප…

    Read More

    ITN Lockdown

    ස්වාධීන රූපවාහිනි ආයතනය මේ වන විට කිසිවෙකුට ඇතුළුවීමට හා ඉන් පිටවීම අත්හිටුවීමට කටයුතු කර තිබේ. එම රූපවාහිනී ආයතනයේ සේවය කරන කැමරා ශිල්පියකු කොරෝනා ආසාදිත බව වාර්තා වීමත් සමග මෙම පියවර ගෙන ඇත.

    Read More

    සදුදා ඇදිරි නීතිය ඉවතට..? මෙවර වෛරසය භයානකයි

    බස්නාහිර පළාතේ දැනට පනවා ඇති ඇඳිරි නීතිය එළඹෙන සදුදා දිනයෙන් පසු ඉවත් කිරීමට වැඩි ඉඩකඩක් ඇතැයි හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. රට විවෘත කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉතා පැහැදිලිව උපදෙස් දී ඇතැයිද ඔහු කියා සිටියේය. සඳුදා පෙරවරු 5 වන විට ඇඳිරි නීතිය ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන් බව…

    Read More

    දෙහිවල සැගව සිටියදී බදියුදීන් අත්අඩංගුවට ගනී..

    සමස්ත ලංකා මහජන කොංග‍්‍රසයේ නායක හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. දෙහිවල ප්‍රදේශයේ දී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා සඳහන් කරයි. මන්ත‍්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල එන්සයිබර් පාරේ මහල් නිවාසයක සැගවී සිටියදීය. මේ වන විට ඔහු රහස් පොලිසියට…

    Read More

    ශ්‍රී ලංකාව ලොව කොවිඩ් පාලනය ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍කරන හොඳම රටවල් අතර 10 වන ස්ථානයට

    ලොව පුරා පැතිර යන කොවිඩ් වසංගත තත්වය පාලනය කල රටවල් අතර ශ්‍රී ලංකාවට 10 වන ස්ථානය හිමිවී තිබෙනවා.  ඕස්ට්‍රේලියාවේ සමීක්ෂණ ආයතනයක් වන Lowy ආයතනය විසින් මෙම සමීෂණය සිදුකොට ඇති අතර ඒ සඳහා ඔවුන් සැලකිල්ලට ගෙන ඇත්තේ කොවිඩ් රෝගීන්ගේ වාර්තා වීම්,මරණ අනුපාතය සහ සුවවීමේ ප්‍රතිශතය ආදී දත්ත වාර්තාවන්ය. මෙහි ප්‍රථම ස්ථානයට නවසීලන්තය පත්ව ඇති අතර වියට්නාමය,තායිවානය…

    Read More

    නිලධාරීන්ට පහර දී නිරෝධායන පිරිසක් පැන යන්න හදයි.. නිලධාරීන් වෙඩි තබයි..

    බෝගම්බර පැරණි බන්ධනාගාර පරිශ‍්‍රයේ නිරෝධායනය සඳහා යොමු කර තිබූ රැදවියන් පිරිසක් පලායාමට උත්සාහ කිරීම හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් වෙඩි තබා එම උත්සාහය ව්‍යවර්ථ කර තිබේ. එම රැදවියන් බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනෙකුට පහර දී පළා යාමට උත්සාහ කර ඇතැයි පොලිසිය සදහන් කරයි. මේ හේතුවෙන් බන්ධනාගා පරිශ්‍රය පෙරේදා (12) රාත්‍රියේ ඉතා උණුසුම්කාරී තත්ත්වයකට පත්ව තිබිණි. රැදවියන්ගෙන් පහරකෑමට…

    Read More

    ධම්මික බණ්ඩාර කොරෝනා ඖෂධයට අනුමැතිය ඉල්ලා නෑ

    කොරෝනා මෛරසය මර්දනය සදහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හදුන්වා දී ඇති ඖෂධය අනුමැතිය සදහා යොමු කර ඇත්තේ වෙනත් වෛද්‍යවරයෙකුගේ නමින් බව වාර්තා වෙයි. ඊට හේතු වී ඇත්තේ ධම්මික බණ්ඩාර මහතා මෙරට ලියාපදිංචි වෛද්‍යවරයෙකු නොවීමයි. අදාල ඖෂධය මේ වන විට අවසන් පරීක්‍ෂණවලට යොමු කර ඇති අතර එහි අවසන් වාර්තාව එළැඹෙන 18 වැනිදා වන විට ලබා…

    Read More

    මාකදුරේ මධුෂ්ට නාකොටින් රංගජීවගෙන් පණිවුඩයක්..

    ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධ කරුවකු සහ මත්ද‍්‍රව්‍ය කරුවකු වන මාකදුරේ මදුෂ් වෙඩි පහරකින් මිය යාමෙන් පසු පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා තම සමාජ ජාල ගිණුමේ සටහනක් කර තිබේ. එම සටහන මෙසේය. මෙඩිකල් කන්ඩම් කරලා මාව ගෙදර යවන්න හැදුවාම කැමත්තෙන් ආවේ හිටියේ උඹව මුහුණ මුහුණ හමුවෙන්න ,උඹෙ ලේ ගද මගේ නාසය තවම…

    Read More

    බ‍්‍රැන්ඩික්ස් සේවකයන් ඉන්දියාවේ ගෙන්වා නිරෝදායනයේ බරපතල අක්‍රමිකතාවයන්

    බ‍්‍රැන්ඩික්ස් ඇගලුම් කර්මාන්ත ආයතනය ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වූ සේවයකන් සදහා නිරෝධායන ක‍්‍රියාවලියේදී බරපතළ අක්‍රමිකතාවයන් රැසක් සිදුව ඇතැයි වියත්මග සංවිධානයේ ප්‍රධාන ලේකම් අනුර ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. එම සමාගමේ ප‍්‍රධානියා තමන් දැනුවත්ව වත්මන් රජයට කිසිදු මුදලක් ලබාදී නැති බව ද ඔහු කියා සිටියේය. එමෙන්ම බ‍්‍රැන්ඩික්ස් හිමිකරු වියත්මග ආධාරකරුවකු හෝ සාමාජිකයෙකුද නොවන බව ඔහු කියා සිටියේය. තමන්…

    Read More

    ලංකාවේ වැඩිම ටෙලි නාට්‍ය ගණනක් රඟපෑ නිළිය, මියුරි සමරසිංහ දැයෙන් සමුගනී

    ප්‍රවීණ ටෙලි නාට්‍ය නිළි මියුරි සමරසිංහ ඊයේ (06) සිය ජීවිතයෙන් සමුගත්තාය. 1939 මාර්තු 15 වන දින මොරටුවේ උපත ලැබු ඇය මියයන විට 81 වන වියෙහි පසු අතර අවසන් කාලයේ ඇය පිළිකා රෝගයෙන් පීඩා විදින ලදී. ඇය මොරටුව ශුද්ධවූ රෝසරි කතෝලික පාසලෙන් හා කොළඹ මියුසියස් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා අවුරුදු 14 දී ජයන්ත අල්ගමගේ මඟ පෙන්වීම යටතේ…

    Read More

    රුසියා එන්නත ශ‍්‍රී ලංකාවට.. රුසියාව එකග වෙයි..

    මෙරට රුසියානු සමූහාණ්ඩු තානාපති යූරී බී. මතේරිව් මහතා සමග රාජ්‍යතාන්ත්‍රික සුහද හමුවක් වාරිමාර්ග අමාත්‍ය සහ අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදාකළමනාකරණ රාජ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අතර පසුගිය 14 දින අමාත්‍යාංශයේ දී පැවැත්විණි. ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති කොවිඩ් 19 වයිරස මර්ධනය සදහා රුසියානු රජය විසින් සංවර්ධනය කරනු ලැබූ “ස්පුට්නික්” එන්නත ශ්‍රී ලංකාව ඇතුළු රටවල්…

    Read More

    Covishield එන්නත් මාත්‍රා ලක්ෂ 05 ක් ඊයේ දිවයිනට

    ඉන්දියාවේ සීරම් ඉන්සිටියුට් ආයතනයේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් තවත්  මාත්‍රා ලක්ෂ 5ක් ඊයේ (25) දින ශ්‍රී ලංකාවෙ ලබාගැනුණි. එම බෙහෙත් තොගය රැගත් ගුවන් යානය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත ඊයේ (25) පසුවරුවේ ලඟා වු අතර එම එන්නත් මාත්‍ තොග වසංගත රෝග ඒකකයේ මධ්‍යම බෙහෙත් ගබඩාව වෙත භාර දීම ඖෂධ නිෂ්පාදනය සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය…

    Read More

    කොළඹ අති භයංකර තත්වයක.. පැතිරීම පෙරට වඩා පස් ගුණයක් වේගවත්..

    කොරෝනා වෛරස ව්‍යාප්තිය කොළඹ නගරය පුරා අති භයංකර තත්ත්වයක් ඇති වී තිබෙන බව කොළඹ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා තමන් සමග පැවසූ බව කොළඹ නගරාධිපති රෝසි සේනානායක මහත්මිය සඳහන් කරයි. පෙර වෛරස ව්‍යාප්තිය වතාව මෙන් පස් ගුණයක් වේගයෙන් මෙවර වෛරසය පැතිරෙමින් ඇතැයි ද වෛද්‍යවරයා තමන් සමග පැවසූ බවද ඇය පවසන හඬ පටයක් සමාජ ජාලා…

    Read More

    පාර්ලිමේන්තුවටත් කොරෝනා රිංගයි අවසන් සතියේ පාර්ලිමේන්තු ඇවිත්..

    පාර්ලිමේන්තුවට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයෙක්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසන්නේ මෙම නිලධාරියා පාර්ලිමේන්තුවේ පොලිස් නිලධාරීන්ගේ භෝජනාගාරයටය මාළු මිලට ගැනීමට පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයයට ගොස් ඇති බවයි. ඔහුට එහිදී වෛරසය ආසාදනය වන්නට ඇතැයි සෞඛ්‍ය අංශ විශ්වාස කරයි. ඔහුගේ ආශ්‍රිතයින් 7 දෙනෙකු කොරෝනා පරීක්ෂණවලට ඇත. කෙසේ වෙතත් මෙම නිලධාරියා පාර්ලිමේන්තු…

    Read More

    ශ‍්‍රී ලංකාව සමාජ ව්‍යාප්තියක් අබියස දැන් කල යුතු දේ GMOA කියයි

    අද වන විට දිස්ත‍්‍රික්ක 21කින් කොරෝනා ආසාදිතයන් වාර්තා වෙමින් ඇති බවත් උප පොකුරු ගණනාවක් බිහිවී ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දෙන්නේ ඇතැම් පොකුරු ආරම්භ වූයේ කෙසේදැයි සම්බන්ධතාවයක් සොයාගත නොහැකි තත්වයකට පැමිණ තිබෙන බවයි. ඒ අනුව සමාජය තුළින් අහඹු ලෙස ආසාදිතයන් හමුවෙමින් ඇති බවත් එය බරපතළ…

    Read More

    සියළුම කොරෝනා ආසාදිතයන් රෝහල්ගත කල යුතුදැයි යලි සලකා බලයි

    රට තුළ වාර්තා වන සියලුම කොරෝනා ආසාදිතයන් රෝහල්ගත කළ යුතුද නිරෝධායනය සඳහා යොමු කළ යුත්තේ කුමන පුද්ගලයන් ද යන්න සම්බන්ධයෙන් නැවතත් සලකා බැලීමට අධ්‍යනය කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. වෛරස ව්‍යාප්තිය සලකා බලමින් මේ ගැන නැවත සලකා බැලීමට තීරණය කල බව වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පැවසීය. මේ වන විට ආසාදිතයන් ඉහල…

    Read More

    වෙඩි පහර කොපමණ දුරක සිට එල්ල වී තිබේදැයි හෙළි කරන්න’ මාමා ඉල්ලයි

    මධුෂ්ගේ හිසට පිටුපසින් එල්ල වූ වෙඩි පහර කොපමණ දුරක සිට එල්ල වී තිබේදැයි හෙළි කරන්න යනුවෙන් මාකඳුරේ මධුෂ්ගේ මාමා කෙනෙකු වන සුනිල් සමරසිංහ මහතා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගෙන් ඉල්ලා සිටියි. පොලීසියට වෙඩි ප්‍රහාර එල්ල වූයේ ඉදිරිපස සිට නම්, මධුෂ්ට පමණක් පසුපසින් වෙඩි ප්‍රහාර එල්ල වූයේ කෙසේද යන්න පිළිබඳවද ඔහු ප්‍රශ්න කර සිටියේය. පසුගියදා කොළඹ, මාළිගාවත්ත නිවාස…

    Read More

    55 පැන්නොත් ජනාධිපතිවරණය තරග කරන්න බෑ

    ඉදිරියේදී ගෙන ඒමට සූදානම් වන නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරණයට තරග වැදීම සදහා වයස අවුරුදු 55 න් නොඉක්මවිය යුතු බවට වගන්තියක් ඇතුළත් කිරීමට ආණ්ඩුවේ අවධානය යොමුව ඇතැයි වාර්තාවේ. අද අරුණ පුවත්පත වාර්තා කර ඇත්තේ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම උපරිම වයස් සීමාව අවුරුදු 55 ක් ලෙස නිශ්චිත කිරීමට යෝජනා වී ඇති බවයි. කෙසේ වෙතත් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය…

    Read More

    ඉන්දියාවේ COVID-19 එන්නත් නිෂ්පාදන මධ්‍යස්ථානයේ ඇති වූ ගින්නෙන් පස් දෙනෙකු මිය යයි.

    ලොව විශාලතම එන්නත් නිෂ්පාදකයා වන ඉන්දියාවේ සේරම් ආයතනයේ ඇති වූ ගින්නකින් අවම වශයෙන් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් ඇතැයි ඉන්දීය බලධාරීහු පවසති. COVID-19 එන්නත් නිෂ්පාදනය වැඩි කිරීම සහ අනාගත වසංගත සඳහා සමාගම වඩා හොඳින් සූදානම් බව සහතික කිරීම සඳහා දැනට ඉදිකර ඇති ගොඩනැගිල්ලක් හරහා ගින්න හටගෙන තිබේ. COVID-19 එන්නත් නිපදවීමට ගින්නෙන් කිසිදු බලපෑමක් සිදු නොවන බව…

    Read More

    ආණ්ඩු හිතවාදී ප‍්‍රකට හිමිවරුන් 07ක් ජනපතිට තීරණාත්මක ලිපියක් යවති..

    20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සිය මතය පැහැදිලි කරමින් ප‍්‍රකට භික්‍ෂූන් වහන්සේලා 07 නමක් විසින් අත්සන් තබමින් ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා වෙත ලිපියක් යොමු කර ඇත. අදාල සම්පුර්ණ ලිපිය මෙසේය. ශ්‍රී ලංකා ජනරජයේ ජනාධ්පත් අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා,ජනාධිපති ලේකමි කාර්යාලය,කොළඹ.2020-10-15 අතිගරු ජනාධිපතිතුමනි, 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රී ලංකාවේ ජනතාව ඔබ තුමාගෙන් අපේක්ෂා කරන ලද්දේ බුද්ධ…

    Read More

    ආචාර්ය නෝබර්ට් ජේ. මයර් මාව හැඳින්නුවේ මැෂින්ගන් ස්පීකර් කියල.මානව ශිෂ්ටාචාරයට ප‍්‍රබුද්ධතාව ගෙනාවෙ සාහිත්‍යයටත් වඩා නාට්‍ය හා සිනමාවයි.

    රූපනයට ගැහැනියෙක් මිනහෙක් කරන්නත් පුළුවන්. – ජයන්ත චන්ද්‍රසිරි (ප‍්‍රවීන නාට්‍ය සහ සිනමාවේදී) ඇඳිරි නීතිය මධ්‍යයේ ගෙවී ගිය පසුගිය දෙසතිය, අපට කලාවේ සමහර දේ සහ සමහර පුද්ගලයන් පිළිබඳව නැවත සිතා බලන්නට පෙළඹවූ කාලයක් විය. ඊට එක් හේතුවක් වූයේ සමහර කලාකරුවන්ගේ සමහර නිර්මාණ අපට යළි යළිත් දකින්නට ලැබීමය. ”දඬුබස්නාමානය”ඒ අතර එක් නිර්මාණයක් පමණක් නොවේ. එය තම ජීවිත…

    Read More

    සේවකයන් දෙදෙනකුට කොරෝනා වරායේ පැත්තක් වසා දමයි

    කොළඹ වරාය සේවය කරන සේවකයන් දෙදෙනෙකුට කොරෝනා ආසාදිත යැයි තහවුරු වී තිබේ. ඔවුන් වරාය ඩොක්යාර්ඩ් සමාගමක සේවකයන් දෙදෙනෙකි. මේ වන විට ඔවුන් සැරිසැරු කොටසක් වසා දැමීමට කටයුතු කර ඇත. එම ප්‍රදේශයට ඇතුළු වීමට ඉන් පිටවීම අත්හිටුවා ඇත.

    Read More

    ද්විත්ව පුරවැසි වගන්තිය පරදන්නැයි හිමිවරුන් දන්වයි..

    නිදහස් පක්ෂ නියෝජිතයන් පිරිසක් නාරාහෙන්පිට අභයාරාමයේදී 20 වන සංශෝධනය ගැන සාකච්ඡාවක් පවත්වා තිබේ. එම සාකච්ඡාව කැඳවා තිබුණේ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සහ ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු හිමිවරුන් කිහිප දෙනෙකගේ ප්‍රධානත්වයෙනි. ඔවුන් එහිදී ඉල්ලා ඇත්තේ 20 වෙනි සංශෝධනයට පක්ෂ වුවද ද්විත්ව පුරවැසියන් සම්බන්ධ වගන්තිය සංශෝධනය කළ යුතු බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයන්ද මාධ්‍ය අමතමින් කියා…

    Read More

    රූපරැජින ලෙස කිරුළු පැළඳ මිනිත්තු කිහිපයකින් කිරුල අහිමි වී ගිය රුවැත්තී..

    ශ්‍රී ලංකා විවාහක රූරැජින තරඟාවලිය ඊයේ (04) පැවති අතර එහි විවාහක රූරැජින ලෙස කිරුළු පැළද මිනිත්තු කිහිපයකින් එම කිරුළ අහිමි වීම පිළිබඳ ලංකාවේ බොහෝ දෙනෙකු කතා වේ. ඇය නමින් පුෂ්පිකා සඳමාලි ද සිල්වා වේ. ඇගේ උපන් ගම පොළොන්නරුව වන අතර ඇය 2011 වසරේ මිස් ශ්‍රී ලංකා ලෙස ද කිරුළු පැලඳ ඇත. එහි දී ඇගේ උපන්…

    Read More

    හරියට පාලනය වුනේ නැහැ දැන් වසංගතයේ 4 වැනි අවධියට

    කොවිඞ් දෙවැනි රැල්ල පාලනය කිරීමට අදාළව දක්නට ලැබෙන බරපතළ තත්ත්වයන් පිළිබඳව ජාතික සංවිධාන එකමුතුව වෙනුවෙන්.  කැදවුම්කරු, ගුණදාස අමරසේකර, ජනපතිවරයාට ලිපියක් ලියා ඇත. එහිදී මෙවර රැල්ල පාලනය කිරීමට අසමත්වූ බවට චෝදනා කර ඇති අතර වසංගතයේ 4 වැනි අවධියට ලඟා වෙමින් තිබේද  යන ගැටලුව මතුකර ඇත. එම ලිපිය පහත පරිදිය… කොවිඞ් වසංගත තත්වයේ දෙවැනි රැල්ල ආරම්භ වීම…

    Read More

    අප්‍රේල් 21 වනදා කිතුනු දේවස්ථාන සඳහා විශේෂ ආරක්ෂාවක්..

    2019 වසරේ සිදු වූ පාස්කු ප්‍රහාරයට වසර 2ක් ගතවන, එළඹෙන 21 වනදා පැවැත්වෙන විශේෂ දේව මෙහෙයන් සහ වෙනත් ආගමික උත්සව සඳහා අවශ්‍ය උපරිම ආරක්ෂාව ලබා දෙන ලෙසට පොලිස් මූලස්ථානය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇති බවට වාර්තා වේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ, එම නිවේදනය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන්, කොට්ඨාස…

    Read More

    පැරිස් ඔලිම්පික් උළෙලේදී ප්‍රහාරයක් සැලසුම් කළ සැකකරුවෙක් අත්අඩංගුවට

    2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළලේ පාපන්දු තරග පැවැත්වෙන ක්‍රීඩාංගණයකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ තරුණයෙකු, ප්‍රංශ ආරක්ෂ අංශ අත්අඩංගුවට ගෙන තිබේ. තවත් සති කිහිපයකින් ආරම්භ වීමට නියමිත 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඉලක්ක කර ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කළ 18 හැවිරිදි තරුණයෙකු එලෙස අත්අඩංගුවට ගැනීමට ප්‍රංශ ආරක්ෂක අංශ කටයුතු කර ඇත. ඒ, ප්‍රංශයේ සොන්ත්…

    Read More

    සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා කරමින් ගැසට් නිවේදනයක්

    සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ. ඒ අනුව විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන්, සහ ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම සම්බන්ධ සේවාවන් මෙලෙස අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කර ඇත. මෙකී සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී. ඒකනායක මහතා විසින් ඊයේ…

    Read More

    ඉදිරි දින 10 තුළ බිත්තර ආනයනය අරඹයි

    ඉදිරි දින 10ක් ඇතුළත බිත්තර ආනයනය කිරිමේ කටයුතු යළි ආරම්භ කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි. එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කළේ ඊට අදාළ ප්‍රසම්පාදන කටයුතු මේ වනවිට සිදුවන බවය. දේශීය වෙළෙඳපොළ තුළ බිත්තරයක් රුපියල් 50 ඉක්මවා මිලකට අලෙවි වීම හේතුවෙන් බිත්තර ආනයනය කිරීම සඳහා පසුගියදා කැබිනට් අනුමැතිය හිමිවිය.  ඒ අනුව මසකට…

    Read More

    රනිල් – සජිත් සාකච්ඡා SJB කළමනාකරණ කමිටු රැස්වීමෙන් පසු

    සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර ඉදිරි සාකච්ඡා සමගි ජන බලවේගයේ කළමනාකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව සිදුකිරීමට තීරණය කර තිබේ. ඒ අනුව මෙම සාකච්ඡා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සමගි ජන බලවේගයේ කළමනාකරණ කමිටු රැස්වීමේදී ගැනීමට නියමිතය. පසුගිය බදාදා දිනයේ අදාළ රැස්වීම පැවැත්වීමට නියමිතව තිබුණද එදින නිවාඩු දිනයක් බැවින් එම රැස්වීම නොපැවැත්විණි. ඒ අනුව ඉදිරි…

    Read More

    පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් ඇරඹෙයි

    ‍මේ වසරේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර අද (01) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. පළමු පාසල් වාරයේ පළමු වන අදියර පසුගිය 14 වන දින අවසන් වුණි. කෙසේවෙතත් රාමසාන් උත්සවය වෙනුවෙන් මුස්ලිම් පාසල් සඳහා අද දිනයේ නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබුණි. මේ අතර මේ දිනවල පැපොල…

    Read More

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 20යි 20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබයි

    රී ලංකා කාන්තා කණ්ඩායම ලෝක කුසලාන 20යි 20 ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීය. ඒ ඊයේ (05) පැවති සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍ය කාන්තා කණ්ඩායම ලකුණු 15කින් පරාජයට පත් කිරීමත් සමගය. අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය තරග වැදීමට නියමිතව තිබේ. ඒ අනූව ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය යන කණ්ඩායම්…

    Read More

    ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය ගැන දැනුම්දීමක්

    මේ මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් වන තීරණය එළැඹෙන සඳුදා දිනයේ දී ප්‍රකාශයට පත්කරන බව එම සමාගම දැනුම්දෙයි. බොහෝවිට මෙම මාසය සඳහා ගෑස් මිල නොවෙනස්ව පැවතිය හැකි බව ද එම සමාගම සඳහන් කළේය. මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නොමැති බව ද ඔවුන් වැඩිදුරටත් පැවසීය.

    Read More

    ආදරණීයයන්ගේ සෝ සුසුම් මැද නිසල නිවහනට ගිය දඩබ්බරයා

    මිනිසත්කමේ සුවඳ හඳුනාගත් පස්දුන්කෝරලේ හිත හොඳ දඩබ්බරයා, අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (19) පස්වරුවේ සිදුකෙරුණි. මහා ජන ගඟක සෝ සුසම් මැද ඔහුගේ අවසන් කටයුතු සිදුකෙරුණේ ඔහු ජීවත්ව සිටියදී ඔහු විසින්ම තනාගනු ලැබූ සුසාන භූමියේදීය. හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා සිය පෞද්ගලික ඉඩමකදී විදුලිසැර වැදීමකින් ජීවිතක්ෂයට පත්වුණේ පසුගිය…

    Read More

    ජුලම්පිටියේ අමරේ ට පැනවූ මරණීය දණ්ඩනය අභියාචනාධිකරණය තහවුරු කරයි

    තංගල්ල මහාධිකරණය විසින් ජී.ජී. අමරසිරි හෙවත් ජුලම්පිටියේ අමරේ නමැත්තාට පනවා තිබූ මරණීය දණ්ඩනය අභියාචනාධිකරණය අද (20) තහවුරු කළේය. විනිසුරු පී. කුමාරන් රත්නම් මහතාගේ එකඟත්වය ඇතිව අභියාචනාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා විසින් මෙම තීන්දුව ලබා දුනි. ඔහු, 2012 වසරේ කටුවන ප්‍රදේශයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට කඩාවැදී වෙඩිතබා පුද්ගලයින් දෙදෙනකු මරාදමා තවත් අයෙකුට මරණීය තුවාල සිදු කිරීමේ…

    Read More