අනුරාධපුර, කැකිරාව අලියාවැටුණු වැව ප්රදේශයේබඩ ඉරිඟු හේනක ඇද තිබූ විදුලි රැහැනක ගැටීමෙන් කලා – බලලු වැව රක්ෂිතයේ සැරිසැරූ “රේවත“ නැමැති ඇතා මියගොස් ඇති බව වාර්තා වේ.

බොහෝ දෙනාගේම නෙතට කඳුළක් එක් කළ මෙම ඇතා කලා – බලලු වැව රක්ෂිතයේ ආඩම්බරකාරයා යන විරුධාවලියෙන් ද හදුන්වනු ලැබීය.
ගනේවල්පොල වනජීවි නිලධාරීන් පැවසුවේ මෙම “රේවත“ ඇතා මියයන විට අවුරුදු 50 – 55ක් පමණ වියේ පසු වු අතර කලා වැව සහ බලලු වැව ඇත් පන්තියේ වැඩිමහල්ම ඇතා වන බවයත
මෙම ඇතාගෙන් කිසිදු පුද්ගලයෙකුට පහරදීමක් හෝ වගාවන්ට හානි සිදුකිරීමක් හෝ වාර්තා වී නොමැති බව ද ගනේවල්පොල වනජීවි නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කළේය.
වගා බිමේ අයිතිකරු අත්අඩංගුවට ගෙන ඇත.