අද දින (17) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 286 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 12 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 274 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
ඊයේ (16) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ගණන 94 ක් ලෙස දැක්වේ. කොළඹ දිස්ත්‍රිකයෙන් ආසාදිතයන් 59 ක් ද කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 26 ක් වාර්තා වන අතර අනෙක් ආසාදිතයන් 95 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වී ඇත.
පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 ආසාදිත වීමෙන් පුද්ගල මරණ 02 ක් වාර්තා වී ඇති අතර මෙලෙස මිය ගොස් ඇත්තේ, මහනුවර ප්‍රදේශයේ පදිංචිව සිටි 75 හැවිරිදි කාන්තාවක් සහ මීගමුව ප්‍රදේශයේ පදිංචි 59හැවිරිදි පිරිමි පුද්ගලයෙක් වේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 534 දක්වා ඉහල ගොස් ඇත.
තව ද කොවිඩ් -19 වෛරසය ආසාදනය වී සිට සුවය ලැබූ මහනුවර ප්‍රදේශයේ පාසලක සිසුවෙකු ඊයේ (16) මිය ගොස් තිබේ. අදාළ සිසුවා හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් මහනුවර, මැණික්හින්න රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති අතර එම සිසුවා මියගොස් ඇත්තේ කොවිඩ් වෛරසය හේතුවෙන් නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ඊයේ (16) දිනයේ මෙරට තුල PCR පරීක්ෂණ 9,716 ක් සිදුකර ඇත.
කොවිඩ-19 වෛරසය ආසාදනය වූ සම්පූර්ණ සංඛ්‍යාව – 88,524
පූර්ණ සුවය ලබා රෝහල් වලින් බැහැරව ගිය සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව – 85,371
දැනට රෝහල් වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව – 2,619
දැනට ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 නිසා සිදු වී ඇති මරණ සංඛ්‍යාව – 534

https://www.hpb.health.gov.lk/si (Accessed march-17-2021 09.35 a.m IST )