Headlines

    ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාව රන් අකුරින් ලියැවුණු දිනයට අදට වසර 25 යි..

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එදා මෙදා තුර ලබාගත් ඉහළම ජයග්‍රහණය වන 1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනාගෙන අදට (17) වසර 25කි. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාව රන් අකුරින් ලියැවුණු දිනයක් ලෙස 1996 මාර්තු 17 දා හැඳින්විය හැකි වේ.

    එදා තුර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබාගත් එම ඉතිහාසගත ජයග්‍රහණයට අදට වසර 25ක් ගත වුවත් එහි වටිනාකමනම් තවමත් අඩු වී නොමැත.

    පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේදී දිවා/රාත්‍රී තරගයක් ලෙස පැවැති අවසන් මහා තරගයට ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව සුදුසුකම් ලබා තිබූ අතර එය ලෝක ක්‍රිකට් ඉතිහාසයේ 6 වන එක්දින ලෝක කුසලානයේ අවසන් මහා තරගයයි.

    මෙම ලෝක කුසලාන තරගාවලිය පුරාවටම ඉහළ දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරඟයට සුදුසුකම් ලබන්නේ අසල්වැසි ඉන්දියානු පිළ පරාජය කරමිනි.

    අවසන් මහා තරඟයේ දී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක අර්ජුන රණතුංග  පන්දුවට පහරදීම සඳහා ඔස්ට්‍රේලියාවට ආරාධනා කළේය. ඒ සිය ලෝක කුසලාන ජයග්‍රහණය පිළිබඳ ඉහළ විශ්වාසයක් තබාගනිමිනි.

    මෙහි දී ආරම්භක පිතිකරුවන් ලෙස පිවිසි මාර්ක් වෝ සහ මාර්ක් ටේලර් පිටියට පිවිසි අතර මාක් වෝ ලකුණු 12කට දවා ගැනීමට චමින්ද වාස් සමත් විය.

    තව ද අරවින්ද ද සිල්වාගේ ප්‍රබල පන්දු යැවීම සහ සනත් ජයසූරියගේ දක්ෂ උඩ පන්දු රැකීම හමුවේ මාර්ක් ටේලර් ද ලකුණු 72කට දැවී ගියේය.

    කෙසේ වෙතත් නියමිත පන්දුවාර 50 අවසානයේදී  ඔස්ට්‍රේලියානු කණ්ඩායම  කඩුලු 7ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 241 විය.

    අනතුරුව ලකුණු 242ක ජයග්‍රහී ඉලක්කය හඹායාම සඳහා ළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට එවකට ප්‍රබල ආරම්භක පිතිකරුවන් යුගලය වූ සනත් ජයසූරිය සහ රොමේෂ් කළුවිතාරණ පිටියට පියවිසියේය.

    ඒ අනුව  ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 46යි පන්දු 2කදී කඩුලු 3ක් පමණක් දැවී 1996 ලෝක ක්‍රිකට් මිණි කිරුළ ශ්‍රී ලංකාවට දිනා දුන්නේය.

    එහි දී අගනා ඉනිමක් ක්‍රීඩා කල  අරවින්ද ද සිල්වා නොදැවී ලකුණු 107ක් රැස් කළ අතර නායක අර්ජුන රණතුංග නොදැවී ලකුණු සංඛ්‍යාව 47ක් ලබා ගත්තේය.

    කෙසේ වෙතත් මීට පෙර පැවති ලෝක කුසලාන අවසන් තරග 5දී ම පළමුවෙන් පන්දුවට පහරදුන් කණ්ඩායම ජය හිමි කරගෙන සිටි නමුත් ශ්‍රී ලංකාව එම සම්ප්‍රදාය බිඳ දමමින් ඔස්ට්‍රේලියාව කඩුලු 7කින් පරාජය කර පළමු වරට ලෝක ශූරයින් බවට පත්වීමට හැති විය.

    1996 ලෝක කුසලාන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිත,

    නායක අර්ජුන රණතුංග
    උපනායක අරවින්ද ද සිල්වා

    සනත් ජයසූරිය
    රොමේෂ් කළුවිතාරණ
    මාවන් අතපත්තු 
    මුත්තයියා මුරලිදරන්
    රවින්ද්‍ර පුෂ්පකුමාර
    රොෂාන් මහානාම
    උපුල් චන්දන
    කුමාර ධර්මසේන
    අසංක ගුරුසිංහ

    හෂාන් තිලකරත්න
    චමින්ද වාස්
    ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *