මුදල් අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, රට තුළ ගෑස් හිඟයක් නොමැති බවත් එළඹෙන උත්සව සමයේ ගෑස් මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නොමැති බවත්ය.
ඊයේ (17) අරලියගහ මන්දිරයේ පැවති වර්තමාන ආර්ථික තත්ත්වය හා වෙළඳපොළ සම්බන්ධ සමාලෝචන සාකච්ඡාවට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා මේ බව සඳහන් කළේය.
එහි දී සහල්, පොල්, කිරිපිටි, මාළු,මස්, බිත්තර, පරිප්පු හා ධාන්‍ය, ලොකු ලූණූ හා රතු ලූණු, අර්තාපල්, එළවළු සහ පළතුරු මෙන්ම ගෑස් සඳහා එළඹෙන උත්සව සමයේ පාරිභෝගිකයින්ට සහන සැලසීම පිළිබඳව මෙම සමාලෝචන සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යතුමාගේ අවධානය යොමුවී ඇති බව සඳහන් වේ.
තව ද ශ්‍රී ලංකා රේගුවේ අත්අඩංගුවට පත් සහල් මෙට්‍රික් ටොන් 3,000 ආසන්න ප්‍රමාණයක් සතොස හරහා ජනතාවට බෙදා දීමේ වැඩපිළිවෙළක් පිළිබඳවද මෙහි දී සාකච්ඡාවී ඇති බව සඳහන් වේ.
වී අලෙවි මණ්ඩලය සතු සහල් සංචිත වෙළඳ පොළට නිකුත් කිරීම සහ තවත් මෙට්‍රික් ටොන් 25000ක් පමණ දේශීය සහල් ව්‍යාපාරිකයන්ගෙන් මිලදී ගැනීමට ද මෙහි දී අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ, රට තුළ සහල් හිඟයක් නොමැති බවත් මෙරට පාරිභෝජනයට අවශ්‍ය තරම් සහල් රට තුළ නිෂ්පාදනය වී ඇති බවත්ය.
එළඹෙන උත්සව සමයේ රට තුළ එළවළු මිල පහළ යනු ඇති බවට තමන් විශ්වාස කරන බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.