පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් තම රැකියා කටයුතු වලට යාමේ අපහසුතා හා අදාල රැකියා ආයතනය විසින් ඉවත් කිරීම හේතුවෙන් හෝ කොවිඩ් වසංගත සමයේ පැවති වෙනත් අපහසුතා හේතුවෙන් ස්වකීය රැකියා අහිමි වූ පෞද්ගලික අංශයේ රැකියාවල නියුතු වූවන් පිළිබඳ තොරතුරු කම්කරු දෙපාර්තමේන්තුවට ලබා දෙන රජය ජනතාවගෙන් ඉල්ලා සිටී.
කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේ, කොරෝනා වසංගත තත්වය ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ට කළ බලපෑම් පිළිබඳව තොරතුරු හා දත්ත එක්රැස් කිරීමේ සහ ඒ පිළිබඳව ලබාදිය හැකි යම් සහනයක් සැපයීම මෙහි මූලික අරමුණ බවයි.
මෙහි දී රැකියා අහිමි වූ අය තම නම, ලිපිනය, දුරකතන අංකය, සේවය කරන ලද ස්ථානයේ ලිපිනය,සේවයෙන් ඉවත් කළ දිනය,එහි සේවා කාලය සහ අවසන් වරට ලැබූ මූලික වැටුප් යනාදිය පිළිබඳ තොරතුරු කම්කරු කොමසාරිස් (කාර්මික සබඳතා අංශය )11මහල, මෙහෙවර පියස කොළඹ 05 යන ලිපිනයට යොමු කරන ලෙස කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ඉල්ලා සිටි.
ඒ අනුව 2021 අප්‍රේල් 01 වන දිනට ප්‍රථම මෙම තොරතුරු එවිය යුතු වේ.
වැඩිදුර විස්තර 2368502 දුරකථන අංකයෙන් ලබාගත හැක බව ද irlabur456@gmail.com ඊමේල් ලිපිනයට ද ඉහත තොරතුරු එවිය හැකි බව ද කම්කරු කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කෙළේය.