Headlines

    මෙරට කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-March-19) – ඊයේ ආසාදිතයින් 313 යි මරණ 01 යි

    අද දින (19) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 313 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 11 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 302 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

    ඊයේ (18) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ගණන 106 ක් ලෙස දැක්වේ. ගම්පහ දිස්ත්‍රිකයෙන් ආසාදිතයන් 66 ක් ද මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 29 ක් වාර්තා වන අතර අනෙක් ආසාදිතයන් 101 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වී ඇත.

    පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාව තුළින් ‍කොවිඩ්-19 ආසාදිත වීමෙන් පුද්ගල මරණයක් වාර්තා වී ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ, ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙක් වේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 538 දක්වා ඉහල ගොස් ඇත.

    ඊයේ (18) දිනය තුල මෙරට පුද්ගලයින් 9,136 කට කොවිෂීල්ඩ් එන්නත එන්නත්කරනය සිදුකර ඇත.

    ඊයේ (18) දිනය තුළ සිදු කර ඇති PCR පරීක්‍ෂණ සංඛ්‍යාව 8,966 කි.

    කොවිඩ-19 වෛරසය ආසාදනය වූ සම්පූර්ණ සංඛ්‍යාව – 89,175
    පූර්ණ සුවය ලබා රෝහල් වලින් බැහැරව ගිය සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව – 85,944
    දැනට රෝහල් වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව – 2,693
    දැනට ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 නිසා සිදු වී ඇති මරණ සංඛ්‍යාව – 538

    www.hpb.health.gov.lk/si

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *