ඊයේ (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලීය සභා ශාලාවේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාන්තා නියෝජිතවරියන් හා ක්‍රියාකාරිනියන්ගේ හමුව අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ, රජය කිසිවිටෙකත් වනාන්තර කපා දැමීමට අනුබල දී නොමැති බවයි.
එහි දී මෙරට ගොවීන්ට පාරම්පරික ඉඩම් අහිමි වී ඇත්නම් ඊට විසඳුමක් දීම පරිසර විනාශයක් නොවන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
කටු පොල් වගාව නතර කිරීමෙන් දිස්ත්‍රික්ක ගණනාවක සිදු වෙමින් තිබූ පරිසර හානියට තිත තැබු බවත් , පරිසරය නියාමනය කරනවා සේම සංවර්ධනය කිරීම ද අවශ්‍ය බව ද ජනාධිපතිවරයා එහිදී අවධාරණය තරන ලදී.
තව ද ආනයනය භාණ්ඩ මිල තීරණය වන්නේ ලෝක වෙළෙඳපොළ බලවේග අනුව බවත් ඒවායේ මිල පාලනය කළ හැක්කේ බදු අඩු කිරීම මගින් බව ජනාධිපතිවරයා පැවසූ ජනාධිපතිවරයා 2030 වන විට බලශක්ති අවශ්‍යතාවෙන් 70%ක් පුනර්ජනනීය මූලාශ්‍ර මගින් සපුරා ගැනීමට සැලසුම් කර ඇති බවත් එය නිසැකව පරිසර සංරක්ෂණයට විශාල පිටිවහලක් වනු ඇති බවද මෙම හමුව අමතමින් ප්‍රකාශ කළේය .

