Headlines

    පස්සරදී ප්‍රපාතයකට බස් රථක් පෙරළේ – බස් රථයේ සිටි14 ක් මරුට..

    පස්සර 13 කණුව ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරලීමෙන් පස්සර 13 කණුව ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් එම බස් රථයේ සිටි පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියේජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.

    ලුණුගල සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් අද පෙරවරු 7.15 ට පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

    එහි දී එම බස් රථය අනතුරට ලක්වන විට එහි මගීන් 45 දෙනෙකු පමණ ගමන් කරමින් සිට ඇති බව වාර්තා වේ.

    ඒ අනුව සිදු වූ අනතුරින් 32 දෙනෙකුට තුවාල ලබා තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

    එහි දී කාන්තාවන් 16 දෙනෙකු ද පිරිමි පුද්ගලයින් 14 දෙනෙකු ද සිටින බව වාර්තා වන අතර වයස අවුරුදු 11 ත් 13 ත් අතර වයස්වල පසුවන පිරිමි ළමුන් තිදෙනෙකු ද ඒ අතර වේ.

    මොවුන් සියළු දෙනා  බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබයි.

    තවද තුවාල ලැබූ 07 දෙනෙකු ශල්‍යකර්ම සඳහා යොමු කර ඇති බව බදුල්ල රෝහලේ අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *