Headlines

    ෆේස්බුක් සමාගමේ සියලු සේවා ජාල ලොව පුරා බිඳ වැටේ..

    ෆේස්බුක් සමාගමේ Facebook, Messenger, WhatsApp සහ Instagram ඇතුළු සියලුම සේවා ජාල ඊයේ(19) රාත්‍රී 10.30 සිට පැයක කාලයක් ලොව පුරා බිඳ වැටී තිබුණි.

    එහි පරිශීලකයින් ප්‍රකාශ කළේ Facebook, Messenger, WhatsApp සහ Instagram සේවාවල ඇප් එකකට හෝ වෙබ් අඩවියක් වෙත ඇතුළුවීම එම කාලය තුළ සම්පූර්ණයෙන්ම ඇණහිට තිබූ බවයි.

    මේ වනවිට අදාළ සියලු සේවා යථා තත්ත්වයට පත් කිරීමට ෆේස්බුක් සමාගම පියවර ගෙන තිබෙන අතර සිදු වූ බිඳ වැටීම හමුවේ සිය පරිශීලකයින් පත්වූ අපහසුතාව පිළිබද කණගාටුව පළ කරන බව ෆේස්බුක් සමාගම සඳහන් කළේ ය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *