Headlines

    බංග්ලාදේශ සංචාරය නිමවා අගමැති දිවයිනට..

    බංග්ලාදේශයේ දෙදින නිල සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිස නැවත ඊයේ (20) රාත්‍රියේ දිවයිනට පැමිණියේ ය.

    ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස මෙරටට පැමිණ ඇති බව වාර්ථා වේ.

    බංගලාදේශ අග්‍රාමාත්‍ය ශෙයික් හෂීනා මහත්මියගේ ආරාධනයකට අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බංග්ලාදේශයේ දෙදින නිල සංචාරයක නිරත වූ අතර එහි දී දෙරට අතර විදේශීය සම්බන්ධතා ශක්තිමත් කිරීම සඳහා එරට  බංග්ලාදේශ ජනපති, අගමැති මෙන්ම විදේශ අමාත්‍යවරයා අතර ද ද්විපාර්ශික සාකච්ඡා පවත්වන ලදී.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *