එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 2012 වර්ෂයේ නොවැම්බර් 28 වන දින ජාත්‍යන්තර වනාන්තර දිනය ලෙස මාර්තු 21 වන දිනය ප්‍රකාශයට පත් කෙරුණි.
ඒ අනුව ජාත්‍යන්තර වනාන්තර දිනය අදට (21) යෙදී තිබේ.
එහි දී 2013 වර්ෂයේ මාර්තු 21 වන දින සිට සෑම වසරකම ජාත්‍යන්තර වනාන්තර දිනය සමරනු ලබයි.
මේ වන විට ශ්‍රීලංකාවේ වන ගහනය 29% දක්වා අඩු වී ඇති අතර ලෝක උරැමයක් වූ සිංහරාජ වනය ද මේ වන විට විනාශ මුඛයට යමින් පවතී.
පරිසර විශ්ලේෂකයින් අනතුරු අඟවන්නේ මෙම ආකාරයෙන් සිදුවන වන විනාශය නිසා 2030 වන විට මෙරට වන ගහනය 13% දක්වා අඩු විය හැකි බවය.
කෙසේ වෙතත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, වනාන්තර ආරක්ෂා කර ගැනීම සදහා නිසි වැඩපිළිවෙළක් හඳුන්වා දීමට රජය පියවර ගන්නා බවයි.
අපගේ හුස්ම පොද ආරක්ෂා කිරීම අප සැමගේම යුතුකමක් හා වගකීමක් බව සඳහන් කළ යුතු වේ. ඒ නිසා සෑම විටම මෙරට වන ගහණය ආරක්ෂා කර ගැනීම මඟින් අපගේ හුස්ම පොද රැක ගැනීම අප විසින් සිදු කළ යුතු බව පරිසර බලධාරීන් හා සහෘද ඔබ සැමට අදවන් දිනක මතක් කළ යුතුව ඇත.