2021 වර්ෂය සඳහා බස්නාහිර පළාතේ පිහිටි රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු ශ්‍රේණිය ඇතුළු මෙතෙක් ආරම්භ නොකළ අනෙකුත් ශ්‍රේණි 2021/03/29වන දින ආරම්භ කිරීමට අදාළ විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
ඒ අනුව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා විසින් පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්, කොටඨාස භාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, පරිවේණාධිපති හිමිවරුන් සහ විදුහල්පතිවරුන් ආමන්ත්‍රණය කරමින් මෙම විශේෂ චක්‍රලේඛය නිකුත් කර ඇත.
එහි සඳහන්ව ඇත්තේ, මෙතෙක් ආරම්භ නොකළ ශ්‍රේණි සඳහා බස්නාහිර පළාතේ සියලු ම පාසල් 2021/03/ 29වන දින ආරම්භ කෙරෙන අතර යම් ප්‍රදේශයක් හුදෙකලා කළ හොත් අදාළ කාල සීමාව ඉකුත් වන තෙක් එම ප්‍රදේශයේ පාසල් පමණක් තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ යුතු බවය.
එහි දී පාසල සෞඛ්‍යාරක්ෂිත ස්ථානයක් ලෙස, ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා පාසල් සූදානම් කිරීම හෙට දින එනම් 2021/03/26 දින සිට 2021/03/28 දක්වා දින 03 වෙන්කොට ඇත.
කෙසේ වෙතත් පාසල් ආරම්භ වීමත් සමඟ පුද්ගල දූරස්ථභාවය ආරක්ෂා වන සේ පන්ති පැවැත්විය යුතු ආකාරය පිළිබඳ මාර්ගෝපදේශ සටහනක් ද ඇතුළත්කොට ඇති අතර එහි දී සිසුන් 15 දක්වා සිටින පන්ති සතියේ සෑම දිනක ම පැවැත්විය යුතු වේ. තව ද සිසුන් 16 සිට 30 දක්වා සිටින පන්ති කණ්ඩායම් දෙකකට බෙදා සතියක් හැර සතියක් පන්ති පැවැත්විය යුතු අතර සිසුන් 30ට වැඩියෙන් සිටින පන්ති කණ්ඩායම් තුනකට බෙදා සමාන දින සංඛ්‍යාවක් වන සේ පන්ති පැවැත්විය යුතු ය.