මෙරටට තැපැල් මාර්ගයෙන් ව්‍යජ නම් සඳහන් කරමින් මත්ද්‍රව්‍ය එවීමේ ජාවාරමක් අනාවරණය කරගත් බවත් ඒවා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරයට ගත්බවත් පොලිසිය ප්‍රකාශ කරයි.
එහි දී ඉකුත් වසරේ දෙසැම්බර් 27 වන දින ඩුබායි සිට ගුවන් මගින් යම් පාර්සලයක් මෙරටට එවා තිබූ අතර එම පාර්සලයේ සඳහන් වූ නම ව්‍යාජ එකක් බවට එහිදී අනාවරණය කරගෙන ඇත.
තව ද පසුගිය ජනවාරි 4 වනදා ප්‍රංශයේ සිට ඩුබායි හරහා තවත් පුද්ගලයෙකුට සැකසහිත පාර්සලයක් ලැබී තිබූණි.
ඒ අනුව මෙම පාර්සල් 2 හි මත්පෙති 4962 ක් හා කුෂ් මත්ද්‍රව්‍ය අඩංගු පාර්සල් 02 ක් තිබී සොයාගැණුනු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
එහි දී අනාවරණය කරගෙන ඇත්තේ මෙම පාර්සල් 2කම ව්‍යාජ නමකට එවා ඇති බවයි.
කෙසේ වෙතත් අදාළ පාර්සලය ලබා ගැනීමට කිසිදු පුද්ගලයෙකු පැමිණ නොමැත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ, මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව සහ අදාළ පාර්සල් එවා තිබූ සමාගම් සමග සම්බන්ධවෙමින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි.

