Headlines

    උතුම් මැදින් පුරපසළොස්වක පොහෝ දිනය අදයි..

    ශාසනික වැදගත්කම් රැසක් සිදු වූ උතුම් මැදින් පුර පසළොස්වක පොහෝ දිනය අදට (28) යෙදී තිබේ.

    ඒ අනුව බුදුරජාණන් වහන්සේ සිය පියාණන් වූ සුද්ධෝදන රජු සහ ශාක්‍ය වංශික ඥාතීන් දැකීමට විසි දහසක් මහ සඟරුවන සමග වේළුවනාරාමයේ සිට  ප්‍රථම වරට කිඹුල්වත්නුවර බලා වැඩම කිරීම සඳහා ගමනාරම්භය සිදු වී ඇත්තේ අද වැනි පොහොය දිනයකදී බව ශාසන ඉතිහාසයේ සඳහන් ය.

    තව ද යශෝදරා දේවියගේ දුක තුනී කිරීම සඳහා සඳකිදුරු ජාතකය දේශනා කිරීමත් රාහුල සහ නන්ද කුමාරවරුන් බුද්ධ ශාසනයේ පැවිදි බව ලබාදී ඇත්තේ ද අද වැනි මැදින් පුර පසළොස්වක පොහෝ දිනකදීය.

    ශාක්‍යන්ගේ මානය බිඳීම සඳහා භාග්‍යවතුන් වහන්සේ යමහ මහා පෙළහර පෑම ද අද වැනි පුන් ප‍ොහෝ දිනක සිදු වූ බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.

    අද (28) දිනයේ ලෝකවාසී බෞද්ධ ආගමික ජනතාව ආමිස සහ ප්‍රතිපත්ති පුජාවල නිරත වෙමින් කටයුතු කරනු ලබන දවසක් වේ.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *