ඉන්දුනීසියාවේ, මකාසර් ප්‍රදේශයේ කතෝලික දේවස්ථානයක් අසළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සිදුව ඇති බවට වාර්තා වේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඉන්දුනීසියාවේ කිතුණු දේවස්ථානයක් ඉලක්කකර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් ලෙස මෙම ප්‍රහාරය සිදුව ඇති අතර ඉන් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. එහි දී ඉන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවද සඳහන් වේ.
බෝම්බකරු යතුරුපැදියකින් දේවස්ථානයට ඇතුළුවීමට කළ උත්සාහ දරා ඇති බවත් එම අවස්ථාවේදී ආරක්ෂක නිලධාරියෙකු විසින් ඔහු පරීක්ෂා කිරීමට තැත් කළ විට බෝම්බය පුපුරුවාගෙන ඇති බවත් අදාළ කතෝලික දේවස්ථානයේ පූජකතුමා ඉන්දුනීසියානු මාධ්‍යය වෙත ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් මෙම ප්‍රහාරයට වගකිය යුත්තේ කවුරුන් ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.