අද දින (28) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 278 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 18 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 260 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
ඊයේ (27) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් යාපනය දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ගණන 88 ක් ලෙස දැක්වේ. ගම්පහ දිස්ත්‍රිකයෙන් ආසාදිතයන් 29 ක් ද රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 28 ක් වාර්තා වන අතර අනෙක් ආසාදිතයන් 115 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වී ඇත.
කෙසේ වෙතත් යාපනය දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කරන්නේ, යාපනය අධ්‍යාපන කලාපයේ සියලු පාසල් හෙට(29) සිට සතියක කාලයක් වසා දැමෙන බවයි. ඒ කොවිඩ් – 19 වෛරසය පැතිරීම අවම කිරීම සඳහාය.
පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 ආසාදිත වීමෙන් පුද්ගල මරණයක් වාර්තා වී ඇති අතර මෙලෙස මිටගොස් ඇත්තේ, කොළඹ 06 ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් වේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 559 දක්වා ඉහල ගොස් ඇත.
ඊයේ (27) දිනය තුළ මෙරට සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 7,377 කි.
කොවිඩ-19 වෛරසය ආසාදනය වූ සම්පූර්ණ සංඛ්‍යාව – 92,007
පූර්ණ සුවය ලබා රෝහල් වලින් බැහැරව ගිය සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව – 88, 387
දැනට රෝහල් වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව – 2892
දැනට ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 නිසා සිදු වී ඇති මරණ සංඛ්‍යාව – 559