Headlines

    අගරදගුරු පදවි ප්‍රකාශක කමිටුවෙන් විශේෂ නිවේදනයක්..

    රටම කම්පා කරමින් 2019 වර්ෂයේ සිදු වූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය මුළු මහත් ශ්‍රී ලාංකීය ජාතියටම එල්ල වු ප්‍රහාරයක් බැවින් වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීම සඳහා බලධාරින් පෙළඹවීම සියලු පුරවැසියන්ගේ වගකීමක් බව පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ කොළඹ අගරදගුරු පදවි ප්‍රකාශක කමිටුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ යුක්තිය ඉටු කිරීමේ ස්වාධීන වැඩපිළිවෙළ අඩාල කරන කිසිදු දේශපාලන බලපෑමක් නොකරන ලෙස රජයෙන් මෙන්ම විපක්ෂයෙන්ද ඉල්ලා සිටින අතර රටේ සිදුවන සෙසු අපරාධ සම්බන්ධයෙන් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව සහ අදාළ අනෙකුත් බුද්ධි තෙරතුරු සෙවීමට සම්බන්ධ රජයේ ආයතන කඩිනමින් එම අපරාධවල කතුවරුන් සොයා යන තත්ත්වයක් තිබියදී, 269 දෙනෙකු අමු අමුවේ ඝාතනය කර හා 300 කට වැඩි පිරිසක් ආබාධිතයින් සහ සදහටම ආරෝග්‍ය ශාලාවලට යන්නන් බවට පත් කළ ඒ මහා විනාශය සිදු කළ අය සොයන්නට සහ දඬුවම් දීමට වසර 2ක් ගත වී ඇතත් එය නොහැකි වීම, ඇත්තෙන්ම පුදුමය දනවන ප්‍රෙහෙළිකාවක් බව එම නිවේදනයේ සඳහන් වේ.

    ඒ අනුව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට වසර 02ක් ගතවන 2021 අප්‍රේල් 21 දිනට පෙර ක්‍රියාත්මක කිරීමට හෝ ක්‍රියාත්මක කිරීමට අදාළ මුල් පියවරක් හෝ තැබීමට රජය අසමත්වුවහොත් ඉදිරියේදි විරෝධතා ක්‍රියාමාර්ග රට පුරා ශක්තිමත්ව දියත් කරන බව ද එම නිවේදනය මඟින් කමිටුව රජයට අවධාරණය කරනු ලබයි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *