ඊයේ (29) දින පන්නිපිටියේදී ලොරි රථ රියැදුරෙකුට පහරදුන් පොලිස් කොස්තාපල්වරයා ලබන 05 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන බව වාර්තා වේ.
ඔහු අද නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 05 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන අතර ලොරි රථ රියැදුරා රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහරින ලෙසට ද නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කරන ලදී.
කෙසේ වෙතත් අදාල රියදුරගේ රියැදුරු බලපත්‍රය ද අත්හිටුවන ලෙස ද මහේස්ත්‍රාත්වරයා මෙහි දී නියෝග කළේය.
රක්ෂිත බන්ධනාගාරගත කෙරූ පොලිස් කොස්තාපල්වරයාගේ සේවය මේ වනවිට අත්හිටුවා තිබෙන අතර ඔහුගේ මානසික වාර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාරයට නියෝග කර ඇත.