Headlines

    ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන 05ක් මෙරට නිෂ්පාදනය අද සිට තහනම් කෙරේ..

    මෙරට භාවිතය සඳහා නිෂ්පාදනය කරනු ලබන ප්ලාස්ටික් හා පොලිතීන් ආශ්‍රිත නිෂ්පාදන වර්ග 05ක් අද (31) සිට තහනම් කිරීමට පරිසර අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබෙන බව වාර්තා වේ.

    එහිදී එක්වරක් පමණක් භාවිතා කර ඉවත දමන පොලිතීන් හා ප්ලාස්ටික්, පෙට් බෝතල් PET bottles (PolyEthylene Terepthalate), මයික්‍රෝණ 20ට අඩු ලන්ච් සීට්, සැෂේ පැකට් ( ආහාර හා ඖෂධ නොවන) , කොට්න් බඩ් ( වෛද්‍ය කටයුතු සඳහා යොදා නොගන්නා) හා සුළං පුරවන ලද ප්ලාස්ටික් සෙල්ලම් භාණ්ඩ මෙම තහනම් නිෂ්පාදන වර්ග සඳහා අයත් වන බව සඳහන් වේ.

    දිනකට අප රට තුළ ප්ලාස්ටික් හා පොලිතීන් ටොන් 400ක් පමණ එකතු කරනු ලබන අතර PET බෝතල් භාවිතය මාසයකට ටොන් 1,250ක් පමණ වේ යැයි ගණන් බලා ඇත. නමුත් ඉන් ප්‍රතිචක්‍රියකරණය කරනු ලබන්නේ ටොන් 250ක් පමණක් වන අතර එම ගණන අප රටේ සමස්ත ප්ලාස්ටික් අපද්‍රව්‍යවලින් සියයට 15-20ත් අතර ප්‍රමාණයක් වේ.

    ඒ අනුව මෙමගින් සිදුවන පාරිසරික හා සෞඛ්‍ය ගැටළු අවධානයට යොමු කරමින් වත්මන් රජය විසින් මේ සම්බන්ධව පියවර ගත් බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළ අතරම මේ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇති බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

    කෙසේ නමුත් සමාගම් කිහිපයක් විසින් කරන ලද ඉල්ලීම් සළකා බලමින් දැනට නිපදවා අවසන් කර ඇති ඇති අදාල නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහා මාස තුනක් වැනි කෙටි කාලයක් ලබා දෙන බවත්, එම භාණ්ඩ අපනයනය සඳහා කිසිදු බාධාවක් පනවා නොමැති බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

    තව ද දැනට වෙළෙඳසැල්වල අලෙවියට තබා ඇති ඉහත සඳහන් කළ ද්‍රව්‍ය ඒවා අවසන් වන තෙක් අලෙවි කිරීමට රජය විසින් අවසර ලබා දී තිබේ.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *