මාතර වැලිගම විවිධ සේවා සමුපකාර සමිතියේ තිබි ඊයේ (01) සොයා ගත් කල් ඉකුත් වූ පරිප්පුවල ඇල්ෆාටොක්සීන් පිළිකාකාරක අඩංගු බව හෙළිව ඇත.
ඒ සිදු කරන ලද රස පරීක්ෂණයේ ලැබුණු වාර්තාවෙනි.
අදාල රස පරීක්ෂක වාර්තාවේ ඇල්ෆාටොක්සීන් පිළිකා කාරකය අඩංගු බව තහවුරු වී ඇති බව වැලිගම ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්.එම්.එච්.නිහාල් මහතා පැවසුවේය.
කල් ඉකුත් වූ යෝගට් විකිණීමෙන් පසුව පාරිභෝගිකයකුගෙන් ලද පැමිණිල්ලක් අනුව සිදු කළ පරීක්ෂාවකදී වැලිගම විවිධ සේවා සමුපකාර සමිතියේ සඟවා තබන ලද භාවිතය ට නුසුදුසු කල් ඉකුත් වූ පරිප්පු කිලෝ තුන්දහස් එකසිය පනහක් පමණ සොයා ගැනුණි.