Headlines

    අවලංගු වන රියැදුරු බලපත්‍රවලට රජයෙන් සහනයක්..

    රජය විසින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් 2021 වසරේ අප්‍රේල් 21 වැනිදා සිට සැප්තැම්බර් 31 වැනිදා දක්වා කාල සීමාව තුළ කල් ඉකුත් වීමට නියමිත සෑම රියැදුරු බලපත්‍රයකම වලංගු කාල සීමාව එම රියැදුරු බලපත්‍රය කල් ඉකුත්වීමේ දිනයේ සිට තවත් මාස 6 කින් දීර්ඝ කර ඇති බව වාර්තා වේ.

    එහි දී මෝටර් රථ ප්‍රවහන කොමසාරිස්වරයාගේ අත්සනින් යුතුව එම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර ඇති අතර දැනටමත් වලංගු කාලසීමාව දිර්ඝ කර ඇති රියදුරු බලපත්‍ර සඳහා එය අදාළ නොවන බව එම ගැසට් නිවේදනයෙන් වැඩිදුරටත් දැක්වෙනු ලබයි.

    ඒ අනුව පසුගිය වසරේ ජුලි 17 වැනිදා වලංගු කාල සීමාව තාවකාලිකව ලිහිල් කළ රියදුරු බලපත්‍ර සඳහා මෙය අදාළ වීමක් සිදු නොවේ.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *