හෙට දිනට (04) යෙදී තිබෙන පාස්කු ඉරිදා දිනයේ සහ ශුද්ධ වූ සතිය තුළ රට තුළ ආරක්ෂාව තවදුරටත් තර කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවරගෙන තිබේ.
ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ආරක්ෂක අමාත්‍යාංශය විසින් ආරක්ෂක මාණ්ඩලික ප්රධානීට සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ට විශේෂිත උපදෙස් නිකුත්කර ඇති අතර එම කාලසීමාව තුළ දැඩි අවධානයෙන් සිටින ලෙසත්, රට තුළ ආරක්ෂක විධිවිධාන තවදුරටත් තර කරන ලෙසත් උපදෙස් ලබාදී ඇති බවයි.
මෙලෙස රට තුළ ආරක්ෂාව තර කිරීමට හේතු වී ඇත්තේ, මෙම වසරේ පාස්කු ඉරිදා දිනය 2021 අප්‍රේල් 04 වැනි දිනට යෙදීමත් හා ඉකුත් 2019 වසරේ පාස්කු ඉරිදා ත්‍රස්ත බෝම්බ ප්‍රහාරයට ලක්වූවන් සිහි කරමින් එය දේවස්ථානවලදී සැමරීමත් නිසා වේ.
ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, අන්තවාදය හෝ ප්රචණ්ඩත්වය හෝ භීෂණය හා සම්බන්ධ ක්‍රියාකාරකම් පිළිබඳව විමසිල්ලෙන් සිටින ලෙසත් එවැනි ක්‍රියාකාරකම් පිළිබඳව තොරතුරු ඇත්නම් වහාම ආරක්ෂක අංශ වෙත දැනුම් දෙන ලෙසත්ය.
තව ද ශුද්ධ වූ සතියේ සහ පාස්කු ඉරිදා දිනයේ බැතිමතුන් සහ දේවස්ථාන විසින් සිදු කරන දේව මෙහෙයන්, උත්සව හා වෙනත් ක්‍රියාකාරකම්වලදී නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන මෙන් සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී.