ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන් අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියසදී ඊයේ (04) පෙරවරුවේ දී පැවැත්වුණි.
ඒ, 54 වැනි ජාතික අලුත් සහල් මංගල්‍යයයි.
ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස වූ පීඨිකාවේ ස්ථාපිත රන් ආලේපිත පාත්‍රයට ජනාධිපතිතුමා අතින් අලුත් සහල් පිරවීම සිදු කළේ, සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේය.
තව ද ආදිවාසී ජනතාව සාම්ප්‍රදායිකව පූජාකරන මී පැණි බඳුන් ද ජනාධිපතිතුමා වෙත භාර දෙනු ලැබීය.
අටමස්ථානාධිපති පූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි කෘෂිකර්ම අමත්‍යාංශය සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ජාතික අලුත් සහල් මංගල්‍යය සංවිධානය කර තිබිණ.