චීනයෙන් මෙරටට ලැබුණු සිනොෆාම් (Sinopharm) කොරෝනා මර්දන එන්නත ලබාදීම අද (05) දිනයේ සිට සිදු කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේය.
ඒ යටතේ ප්‍රථමයෙන් මෙරට සේවය සඳහා පැමිණ සිටින චීන ජාතිකයින්ට සඳහා එන්නත ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේය.
ඒ අනුව අද දිනයේ දී කොළඹ වරාය නගරය, හම්බන්තොට, මහනුවර හා පුත්තලම ප්‍රදේශවලදී මෙම කොරෝනා මර්දන එන්නත් ලබා දීමට නියමිතය.
එහි දී චීන ජාතිකයින් 4500 කට පමණ එන්නත්කරණය සිදුකෙරෙනු ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.
චීනයේ නිෂ්පාදිත සිනොෆාම් නමැති මෙම එන්නතේ මාත්‍රා ලක්ෂ 6ක් පසුගිය 31 වැනිදා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල්.869 දරණ ගුවන් යානයෙන් මෙරටට ගෙන එනු ලැබුණු අතර එම එන්නඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් මත චීන ජනාධිපති ෂී ජින් පින් මහතා විසින් මෙරටට ප්‍රදානය කර ඇත.