අද දින (06) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 159 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 22 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 137 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
ඊයේ (05) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ගණන 56 ක් ලෙස දැක්වේ.
රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 31 ක් ද ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 114 ක් වාර්තා වන අතර අනෙක් ආසාදිතයන් 36 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වී ඇත.
පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 ආසාදිත වීමෙන් පුද්ගල මරණ 05 ක් වාර්තා වී ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ, මොරොන්තොට සහ පන්සියගම ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක් වේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 586 දක්වා ඉහල ගොස් ඇත.
ඊයේ (05) දිනය තුළ මෙරට සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 5,798 කි.
කොවිඩ් එන්නත්කරණ වැඩසටහන යටතේ මේ වනවිට එන්නත් ලබා දී ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 923,954 ක් වේ.
කොවිඩ-19 වෛරසය ආසාදනය වූ සම්පූර්ණ සංඛ්‍යාව – 93,595
පූර්ණ සුවය ලබා රෝහල් වලින් බැහැරව ගිය සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව – 90,563
දැනට රෝහල් වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව – 2,446
දැනට ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 නිසා සිදු වී ඇති මරණ සංඛ්‍යාව – 586