නීතිවිරෝධීව ලෙස මුහුදු මගින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැකකෙරෙන පුද්ගලයින් 20 දෙනෙකු කොන්ඩච්චිකුඩා ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගෙන ඇති බව වාර්තා වේ.
නාවික හමුදාව ප්‍රකාශ කළේ, සිලාවතුර කොණ්ඩච්චිකුඩා ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවටගත් බවයි.
මෙහිදී අත්අඩංගුවටගත් පිරිස අතර පිරිමි පුද්ගලයින් 14 ක්, වයස අවුරුදු 13 ක ගැහැනු ළමයෙක් සහ වයස අවුරුදු 16 ක පිරිමි ළමයෙක් ද කාන්තාවන් සිව් දෙනෙකු ද වන අතර ඔවුන් මුලතිව්, යාපනය, මන්නාරම, වාලච්චේන, වත්තල සහ පුත්තලම යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව නාවික හමුදාව සඳහන් කළේය.
නාවික හමුදාව ප්‍රකාශ කළේ, මෙම නීතිවිරෝධි මිනිස් ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙකු ද අත්අඩංගුවටගත් පිරිස අතර වන බවය.