එළැඹෙන අගෝස්තු මස පැවැත්වීමට නියමිතව තිබූ 2021 අ.පො.ස. උසස් පෙළ විභාගය ලබන මේ වසරේ ම ඔක්තෝම්බර් 4 වැනිදා සිට 30 වැනිදා දක්වා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශයේ දී මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝම්බර් මස 3 වන ඉරිදා දිනයේත් 2021 වසරට අදාළ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය 2022 ජනවාරි අවසාන සතියේ ත් ආරම්භ කිරීමට ත් සැලසුම්කර ඇති බවය.
අමාත්‍යවරයා මෙහිදී සඳහන් කරේ, කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් පාසල් විෂයමාලා නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කිරීම අසීරු තත්ත්වයකට පත්වීම හේතුවෙන් එම තීරණය ගත් බවයි.