Headlines

    සමෘද්ධි සහ අඩු ආදායම්ලාභීන්ට රු. 5000ක දීමනාවක් – දීමනාව ලබන 12 ,13 දිනවල සමෘද්ධි බැංකු මගින්..

    සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් කොවිඩ් වසංගතය හේතුවෙන් පීඩාවට පත් සමෘද්ධිලාභීන්ට සහ අඩු ආදායම්ලාභීන්ට සහන ලබා දීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

    ඒ අනුව ඔවුන් සඳහා රුපියල් 5000 ක දීමනාවක් ලබා දීමට රජය තීරණය කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූලය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසුවේය.

    එහි දී අඩු ආදායම්ලාභීන්ට සහ සමෘද්ධිලාභීන්ට ලබා දෙන රුපියල් 5000 දීමනාව, ලබන 12 සහ 13 යන දිනවල සමෘද්ධි බැංකු මගින් ලබාගත හැකි බව අද (10) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් වෙළෙඳ අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඒ බව සඳහන් කළේය.

    මෙම තීරණය ගෙන ඇත්තේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කළ ඉල්ලීමකට අනුව ජනාධිපතිතුමාගේ හා අග්‍රාමාත්‍යතුමාගේ අනුදැනුම හා උපදෙස් පරිදිය.

    ඒ අනුව මෙම දිමනාව ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමින් හඳුනා ගත් පවුල් වෙනුවෙන් ලබා දීමේ වැඩපිළිවෙළ ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා‌ගේ මැදිහත් වීම මත එම බලකාය සහ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාවට නංවන බව රජයෙන් මේ පිළිබඳ නිකුත් කළ  නිවේදනයේ දැක්වේ.

    එහි දී සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට පෙර මෙම දීමනාව ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් සම්පාදනය කිරීමට පියවර ගන්නා ලෙස සමෘද්ධි නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *