ශ්රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර ඊයේ (11) නව ආසියානු වාර්තාවක් පිහිටුවීමට සමත් විය.
ඒ ඔහු තලෙයිමන්නාරම සිට ඉන්දියාවේ ධනුෂ්කෝඩි දක්වා පිහිනා ගොස් නැවත තලෙයිමන්නාරමට කිලෝමීටර 59යි මීටර් 300ක දුරක් පැය 28යි විනාඩි 19යි තත්පර 43ක පැමිණෙමිනි.
රොෂාන් අබේසුන්දර ඊයේ (11) බිඳ දැමුවේ 1971 වසරේදී කුමාර් ආනන්දන් කිලෝ මීටර 59යි දශම 3ක දුර, පැය 51ක කාලයකින් අවසන් කරමින් පිහිටුවා තිබූ වාර්තාවයි.
මේ අතරම ඔහු නව ශ්රී ලංකා වාර්තාවක් පිහිටුවීම සිදු කළ ඇත.
ඒ ඔහුගේ මෙම ගමනේ දී පෙරේදා දින (10) තලෙයිමන්නාරමේ සිට ධනුෂ්කෝඩි දක්වා ගමන් කරමිනි. ඒ සඳහා ඔහුට පැය 10යි විනාඩි 31ක කාලයක් ගතව ඇත.
තව ද ධනුෂ්කෝඩි සිට තලෙයිමන්නාරමට පැමිණීමට ඔහුට පැය 17යි විනාඩි 48යි තත්පර 43ක කාලයක් ගතව ඇත.
ඔහු මෙම ක්රියාව සිදු කර ඇත්තේ, සාගරය පරිසරය රැක ගැනීමේ පණිවිඩය ලෝකයට රැගෙන යාමේ අරමුණෙන් බව සඳහන් වේ.