දක්ෂිණ අධිවේගී මාර්ගයේ අන්තරාදායක ලෙස හා මෝටර් රථයක් ධාවනය කළ රියැදුරු ඇතුළු මෝටර් රථයේ අසංවරව හැසිරෙමින් ගමන් ගත් තරුණයින් 05 දෙනා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, ඔවුන් මහනුවර, අකුරණ ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බවයි.
පොලීසිය සඳහන් කළේ, දාළ මෝටර් රථයේ දෙපස පැති දොරවල් මත වාඩි වී අනාරක්ෂිත ලෙස ගමන් කිරීම සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගත් බවය.
අද (13) දින සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් සියළු දෙනා ලබන 22 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.