ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට නිරෝගිමත් සුබ අලුත් අවුරුද්දක් වේවා!..

ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද අභියෝග ජය ගැනීමට හැකි නීරෝගී, සෞභාග්‍යමත් සුබ අලුත් අවුරුද්දක් වේවායි මේ අලුත් අවුරුද්දේ අපේ පළමු ප්‍රාර්ථනයයි.

ලක්වාසී ජනයා මෙවර අලුත් අවුරුද්ද පිලිගත්තේ අභියෝග රැසක් මධ්‍යයේ වුවත් හුදී ජනතාවගේ එකම බලාපොරොත්තුව වන්නේ රටට, ජනතාවට සෞභාග්‍යය හා නීරෝගිමත් භාවය ප්‍රාර්ථනා කිරීමයි.

බක් මාසයේ උදාවත් සමග ගහකොළ පරිසරය පවා අවුරුද්දට සැරසෙන ආකාරයක් කියා පාමින් නැවුම් සිරියක් ගන්නා අතර එය ජනතාවගේ සිත් තුළද නව අවුරුදු උදාව සහ නව බලාපොරොත්තු පිළිබදව හැගීමක් ජනිත කරවීමට සමත් වෙයි. කොවුලාගේ කෑ ගැසීම, එරබදු මල් රතට පිපීම මෙන්ම ගහකොළ මලින් ඵලයෙන් බරවීම අවුරුදු අසිරිය කියාපාන්නකි.

අලුත් අවුරුදු උත්සව සමය තුල ළමුන් මෙන්ම වැඩිහිටියන්ද සම්ප්‍රදායික ඇඳුමින් සැරසී නෑදෑ හිතමිතුරන් සමඟ ප්‍රීතිමත් වනු දැකිය හැකිය.

වර්තමානය වන විට එක් එක් චාරිත්‍රය ඉටු කිරීම සඳහා සුභ මොහොත උදාවූ බව සංඥා කරනු ලබන්නේ රතිඤ්ඤා හඬ මඟි් වන අතර අවුරුදු දින සිරිත් විරිත් ඉටු කිරීම සාම්ප්‍රදායිකව නක්ෂත්‍රකරුවන් විසින් ලබාදෙන නැකැත් වේලාවන් අනූව කරනු ලබන අතර අලුත් අවුරුදු උදාව සැමරීම ස්වදේශීය බෞද්ධ හා හින්දු සම්ප්‍රදායන් වල සංකීර්ණ එකතුවක් ලෙස සලකනු ලබයි.

ඒ අනුව මෙවර අලුත් අවුරුද්දේ ආහාර පිසීමේ නැකත අද ‍පුර්ව භාග 6.17 ට යෙදී තිබුණු අතර උදැසන 7.41ට අලුත් අවුරුද්දේ වැඩ ඇල්ලීම,ගනුදෙනු කිරීම සහ ආහාර අනුභව කිරීමේ නැකත යෙදී තිබුණි.

ඒ අනුව පලාවන් වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගනු දෙනු කොට ආහාර අනුභවය සිදු කරන ලදී.

ලබන 16 වැනි සිකුරාදා පූර්වභාග 06.40 ට නැගෙනහිර දිශාව අලුත් අවුරුද්දේ පැල සිටුවීම යෝග්‍ය බව නැකැත් පත්‍රයේ සදහන් වේ.

මේ අතර මහනුවර ඵෙතිහාසික ශ්‍රි දළදා මාළිගාවේදී උදා වූ නව වසර පිළිගනිමින් ආගමික වතාවත් අද (14) සිදු කළේය.

අලුත් අවුරුද්ද සදහා හිස තෙල් ගෑමේ නැකත ලබන 17 වන සෙනසුරාදා පූර්ව භාග 7.16 ට යෙදී තිබෙන අතර නිලපැහැති වස්ත්‍රාභරණයෙන් සැරසි දකුණු දිශාව බලා හිසට නුග පත් ද, පයට කරද පත්ද තබා නුග පත් යුෂ මිශ්‍ර නානු ද තෙල් ද ගා ස්නානය කිරීම මැනවි යැයි ජ්‍යෝතීෂ්‍යයේ සඳහන් වේ.

තව ද නව වසරේ රැකි රක්ෂා සඳහා පිටත්වයාමේ නැකත යෙදී ඇත්තේ 19 වැනි සදුදා පූර්ව භාග 6.39 ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *