ත්රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අන්තවාදී සංවිධාන 11ක් තහනම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් අද ඊයේ (13) නිකුත් කර ඇත.
රටතුල සාමය පවත්වාගෙන යාම තහවුරු කිරීමේ කාර්ය අරමුණින් සහ ජාතික ආරක්ෂාව ,මහජන සාමය සහ නිතියේ ආධිපත්යායේ හිතසුව පිණිස මෙම සංවිධාන තහනම් කරන බව එම ගැසට් නිවේදනයේ දැක්වේ.
එම අතිවිශේෂ ගැසට් නිවේදනයෙ වැඩිදුරටත් දැක්වෙන්නේ, එම සංවිධානවල සාමාජිකයෙකුවීම ,නායකත්වය සැපයීම, නිල ඇදුම්, සංකේත හෝ ලාංජන හෝ ධජ පැළදවීම, ප්රදර්ශනය කිරීම, එසවීම හෝ සන්තකයේ තබා ගැනීම රැස්වීම් කැදවීම, රැස් කිරීම හෝ ඊට සහභාගීවීම නොකළයුතු බවයි.
ඒ අනුව අදාළ වැරදි සිදුකරන පුද්ගලයින්ට අවුරුදු 20 ට නොඅඩු කාලයක් සඳහා සිර ගත කිරීමට යටත් බව මෙම අතිවිශේෂ ගැසට් නිවේදනයෙන් සඳහන් වෙයි.
අදාළ අති විශේෂ ගැසට් නිවේදනය පහත දැක්වේ.