Headlines

    දිස්ත්‍රික්ක කිහිපයකට නාය යෑමේ අනතුරු ඇඟවීම් – පළාත් 03 කට ප්‍රබල අකුණු..

    මේ වන විට රටේ පවතින අධික වර්ෂාව හමුවේ දිස්ත්‍රික්ක 3ක් සඳහා නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බවට වාර්තා වේ.

    ඒ අනුව මහනුවර, කෑගල්ල සහ මාතලේ දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා සඳහන් කළේය.

    මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර, දෙල්තොට, ගඟවට කෝරලය, යටිනුවර, තුම්පනේ, දොළුව, මැදදුම්බර සහ පහතදුම්බර ප්‍රදේශවලට හා කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල සහ අරනායක ඇතුළු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද මාතලේ දිස්ත්‍රික්කයේ අඹන් ගඟ සහ රත්තොට ප්‍රදේශ සඳහා ද නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර ඇත.

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

    මේ අතර උතුරුමැද , මධ්‍යම සහ ඌව පළාත් වල මෙන්ම මුලතිව් සහ වව්නියාව දිස්ත්‍රික්කවලට ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

    නැගෙනහිර , මධ්‍යම සහ ඌව පළාත්වලට මෙන්ම පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක වැඩි තද වැසි අපේක්ෂා කරන බව ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *