Headlines

    හෙටින් ඇරඹෙන දෙවන පාසල් වාරය..

    දිවයිනේ සියළු රජයේ සහ පෞද්ගලික පාසල්වල සියලු ශ්‍රේණි දෙවන වාරය සඳහා හෙට (19) විවෘත කෙරේ.

    අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා සඳහන් කළේ, කොරෝනා වෛසරයත් සමග වසා දැමුණු ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ පළමු වසර සිසුන්ගේ අධ්‍යයන කටයුතු ද හෙට ආරම්භ කිරීමට නියමිත බවයි.

    ඒ අනුව සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුන් සදහා ප්‍රථමයෙන් අධ්‍යයන කටයුතු අරම්භ කරන බව එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උදය රත්නායක මහතා පැවසුවේය.

    භාෂා, විද්‍යා සහ භූවිඥාපන පීඨවල අධ්‍යන කටයුතු අප්‍රේල් මස 20 වැනි දා ආරම්භ කිරීමට නියමිත බවත් කළමනාකරණ අධ්‍යන පීඨයේ ඉගැන්වීම් කටයුතු 24 වැනි දින ආරම්භ කිරීමට නියමිත බවත් මහාචාර්ය උදය රත්නායක මහතා ප්‍රකාශ කළේය.

    උපකුලපති මහාචාර්ය උදය රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ, මෙම පීඨවල පළමු වසර සිසුන්, අධ්‍යයන කටයුතු අරම්භ කරන දිනට පෙර දින නේවාසිකාගාරවලට පැමිණෙන ලෙසය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *