Headlines

    නවදිල්ලිය LOCKDOWN..

    මේ වන විට ඉන්දියාවේ covid -19 වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තියත් සමඟ ඉන්දියාවේ නවදිල්ලි අගනුවර දින 6ක කාලයක් සඳහා වසා දැමීමට ඉන්දීය බලධාරීන් තීරණය කර ඇති බවට වාර්තා වේ.

    විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අද (19) රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි නගරය මෙලෙස වසා දමන බවයි.

    මේ වන විට නවදිල්ලි අගනුවර වසංගත ව්‍යාප්තියේ අවදානම් තැනකට පත්වීම හමුවේ නගරයේ රෝහල්වල ඇඳන්, ඖෂධ ඇතුළු පහසුකම් හිඟවීම හමුවේ රෝහල් බලධාරීන් අර්බූදයකට මුහුණ දී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    මේ අතර පසුගිය අප්‍රේල් 15 වැනිදා සිට සෑම දිනකම ඉන්දියාවෙන් 200,000 ඉක්ම වූ දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වූ අතර ඊයේ (18) දිනයේ පමණක් ඉන්දියාවෙන් කොරෝනා මරණ 1,620 සංඛ්‍යාවක් වාර්තා වේ.

    කෙසේ වෙතත් ඊයේ (18) දිනයේ පමණ නවදිල්ලි නුවරින් වාර්තා වී තිබූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 25,000 ආසන්න බව සඳහන් වේ.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *