Headlines

    අවුරුදු සමයේ අධිවේගී මාර්ගයේ ආදායම මිලියන 300 ඉක්මවයි..

    ඉකුත් (09) සිට ගත වූ දින 11 ක කාලයක් තුළ දී අධිවේගී මාර්ගවලින් රුපියල් මිලියන 349 ක ආදායමක් උපයා ඇති බව මහාමාර්ග අමාත්‍යවරයා සඳහන් කළේය.

    ඒ අනුව කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය, පිටත වටරවුම මාර්ගය හා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කර ඇති වාහන සංඛ්‍යාව 1,236,288 කට අධික බව වාර්තා වේ.

    ඉන් වැඩිම වාහන සංඛ්‍යාවක් පසුගිය අප්‍රේල් 10 වැනිදා  ගමන් කර ඇති අතර එම ගණන 141,187  වේ.

    එදින උපයා ඇති ආදායම රුපියල් මිලියන 38කට අධික බව සඳහන් වේ.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *