මැයි දිනය වෙනුවෙන් පවත්වනු ලබන සියලු මැයි දින පෙළපාලි හා රැළි මෙවර නොපැත්වීමට තීරණය කර ඇති බව හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේය.
පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන අද (20) දින පක්ෂ නියෝජිතයින් සමග කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැති රැස්වීමකදී මෙම තීරණය ගත් බව ඒ මහතා සඳහන් කළේය.
එහිදී මැයි දින පෙළපාලි හා රැළි නොපැවැත්වීමට සියලු පක්ෂ නියෝජිතයින් සමග සාමුහික තීරණයක් ගත් බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.
මේ අතර අද (20) පෙරවරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකින් පසුව පක්ෂයේ සභාපති හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇත්තේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙවර මැයි දිනය කොළඹදී වෙනම පැවැත්වීමටයි.