නෙදර්ලන්තයේ රොටඩෑම් සිට චීනය බලා යාත්‍රා කරන අතරවාරයේ ඇතිවු බව කියන යාන්ත්‍රික දෝශයක් නිසා ඊයේ (20) රාත්‍රියේ හම්බන්තොට වරායට නෞකාවක් පැමිණ ඇති අතර මෙම නෞකාවේ විකිරණශිලි ද්‍රව්‍ය වන යුරේනියම් රසායනිික ද්‍රව්‍ය පැවති බව අනාවරණය වී ඇතැයි ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවේ අධ්යක්ෂ ජනරාල් අනිල් රංජිත් මහතා ප්‍රකාශ කළේය.
ඒ අනුව එවැනි උපද්‍රවකාරි රසායනික ද්‍රව්‍ය මෙරටට ගෙන ඒමේදී ඒ සඳහා විශේෂ අවසරයක් ලබා ගත යුතු බව සඳහන් කළ ඒ මහතා වැඩිදුරටත් සඳහක් කළේ, අදාළ නෞකාවේ උපද්‍රවකාරි ද්‍රව්‍ය පිළිබඳව තොරතුරු නිසි පරිදි තවමත් ලබාදී නොමැති බවයි.
එහිදී නෞකාව වහාම හම්බන්තොට වරායෙන් පිටතට රැගෙන යන ලෙස , ශ්‍රි ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව දැනුම්දී ඇති බවට වාර්තා වේ.
කෙසේ නමුත් හදිසියේම පැමිණි මෙම නෞකාවට නාවික හමුදාවට හෝ අදාළ නැව අධීකෂණය කිරීම සඳහා ඇතුළු වීමට අවසර දී නොමැති බව සඳහන් වේ.
මේ අතර අද (21) දින පැවති පාර්ලිමේන්තු සැසිවාරයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ,හම්බන්තොට වරායට පැමිණි මෙම නෞකාව ඇත්ත වශයෙන්ම විකිරණශිලි ද්‍රව්‍ය රැගෙන ආව ද? නැද්ද යන්න සොයා බලා රට ගැන සිතා මෙවැනි නැවක් එලෙස පැමිණියේ නම්, වහාම පිටමං කිරීමට කටයුතු කරන ලෙසයි.
මේ අතර තවමත් අදාළ නෞකාව හම්බන්තොට පිටත වරායේ නැංගුරම් ලා ඇති බව වාර්තා වේ.