Headlines

    බොලිවුඩ් සිනමා තරු 22 දෙනෙකුට කොරෝනා..

    ඉන්දීය බොලිවුඩ් ජනප්‍රිය සිනමා ශිල්පීන් 22 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

    ඒ අනුව ප්‍රවීණ රංගන ශිල්පී අමීර් ඛාන්, අර්ජුන් රම්පාල්, රන්බීන් කපූර්, ආලියා භාත්, කත්‍රිනා කයිෆ්, අක්ෂේ කුමාර්, මනෝජ් බජ්පායි, රවීනා තණ්ඩන් සහ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සංජේ ලීලා බන්සාලි ද, මේ වනවිට කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටින බවට වාර්තා වේ.

    ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, ඉන්දියාවේ කොරෝනා ව්‍යාප්තිය ඉහළ යාමත් සමග නවතම බොලිවුඩ් සිනමා පට රැසක් තිරගත කිරීම දින නියමයක් නොමැතිව කල් දමා ඇති බවයි.

    ඒ අනුව, ජයලලිතා ජයරාම්ගේ චරිතාපදානය ඇතුළත් තලයිවී, සූර්යවංශී, හාතී මෙරා සාතී, චෙහෙර්, බන්ටී ඕර් බබ්ලී මෙලෙස දින නියමයක් නොමැතිව කල් දමා ඇති සිනමා පට අතර වේ.

    මේ අතර ජනප්‍රිය රංගන ශිල්පී අක්ෂේ කුමාර් රුපියල් කෝටියක මුදලක් කොරෝනා ආසාදිතයින් වෙනුවෙන් ඔක්සිජන් සහ ඖෂධ ලබා ගැනීම සඳහා පරිත්‍යාග කර ඇති බවට වාර්තා වේ.

    කෙසේ වෙතත් කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ඉන්දියාවේ මේ වනවිට ප්‍රාන්ත 11 ක සිනමා ශාලා වසා දමා ඇති බව ඉන්දීව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *