Headlines

    කලින් සැලසුම් කළ මංගල උත්සව සඳහා අවස්ථාව..

    රජයේ සහ පෞද්ගලික අංශයේ සියලු උත්සව පසුගිය (25) සිට තහනම් කෙරුණ ද සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ මංගල උත්සව පැවැත්වීම සඳහා පමණක් අවසර ලබාදෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.

    මංගල උත්සව කලින් සූදානම් කර ඇති නිසා ඒවා නවතා දැමිය නොහැකි බැවින් මෙම තීරණය ගෙන ඇති බව යුද හමුදාපතිවරයා පෙන්වා දෙයි.

    කෙසේ නමුත් පැතිර යන කොවිඩ් – 19 තත්ත්වය පිළිබඳව වැඩි අවදානයක් යොමු කරමින් නියමිත සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුව මංගල උත්සව පැවැත්වීමට හැකියාව පැවතිය ද වෙනත් කිසිදු උත්සවයක් හෝ සාදයක් පැවැත්වීම තහනම් බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *