තුර්කියේ කොවිඩ් -19 සීඝ්‍ර ලෙස ව්‍යාප්තවීම හමුවේ ලබන බ්‍රහස්පතින්දා (29) සිට එළඹෙන මැයි 17 දක්වා රට සම්පූර්ණයෙන් වසා දැමීමට එරට බලධාරීන් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර තුර්කියේ මීට සති දෙකකට පෙර සතියේ දිනවල රාත්‍රී 7 සිට අලුයම 5 දක්වා රාත්‍රී ඇඳිරි නීතිය පැනවූ අතර සති අන්තයේ සම්පූර්ණයෙන් ම රට වසා දමමින් වෛරස ව්‍යාප්තිය පාලනයට දැඩි පියවර ගනු ලැබුව ද වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට නොහැකි වීම හමුවේ මෙලෙස රට සම්පූර්ණයෙන් වසා දැමීමට තුර්කි බලධාරීන් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය පැය 24 තුළ තුර්කියෙන් නව කොරෝනා ආසාදිතයින් 37,312 දෙනෙකු වාර්තා වී ඇති අතර ආසාදිතයින් 353 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එරට ජනාධිපති ටයිප් එර්ඩෝන් (Tayyip Erdogan) ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, රට වසා දැමීමෙන් පසු නිවෙස්වලම රැඳී සිටින ලෙසය.
නගර අතර ගමන් කිරිම සඳහා අනුමැතිය ලබා ගත යුතුව ඇති බවත්, සියලුම පාසල් වසා දමා අන්තර්ජාලය ඔස්සේ අධ්‍යන කටයුතු සිදු කරන ලෙසත් රට වසා දැමීමේ නිවේදනය සිදු කරමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.
එහි දී අත්‍යාවශ ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම, වෛද්‍ය ප්‍රතිකාර වැනි අත්‍යාවශ කටයුතු සඳහා හැර සාමාන්‍ය වැසියන්ට නිවෙස්වලින් බැහැර යාමට අවසර හිමි නොවනු ඇති අතර හදිසි සේවාවල නිතර පිරිස්, ආහාර සහ නිෂ්පාදන අංශවල සේවයේ නිරත වන්නන් වැනි සීමාසහිත පිරිසකට පමණක් සිය සේවා කටයුතු වෙනුවෙන් නිවෙස්වලින් බැහැරව යා හැකි බව රට වසා දැමීමේ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.