2020 අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල සතියක් ඇතුළත නිකුත් කිරීමට හැකි වනු ඇතැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළේය.
ඒ අද (28) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
ඒ අනුව ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු මෙම වසරේ සැප්තැම්බර් මාසයේදීම සුදුසුකම් ලබන සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගන්නා බව මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා එහි දී සඳහන් කළේය.
මේ අතර අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, එළඹෙන මැයි 10 වනදා සියලු විශ්වවිද්‍යාල විවෘත කිරීමට බලාපොරොත්තු වන බවත්, එතෙක් මාර්ගගත ක්‍රම ඔස්සේ දේශන පවත්වන බවය.
පසුගිය ඔක්තෝම්බර් මාසයේ පැවති 2020 අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා සිසු සිසුවියෝ 362,000ක් පෙනී සිටියහ.