දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් – 19 ආසාදිතයින් සංඛ්‍යාව ලෙස ආසාදිතයින් 1531 දෙනෙකු ඊයේ (29) දිනය තුළ හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
ඒ අනුව මෙරට දිනක් තුළ කොවිඩ් අසාදිතයින් 1500 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙයයි.
ඒ අතරින් විදේශයන්හි සිට පැමිණි පුද්ගලයින් 40 දෙනෙකු ද ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
ඊයේ (29) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ගණන 533 ක් ලෙස දැක්වේ.
ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 145 දෙනා බැගින් වාර්තා වන අතර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් සංඛ්‍යාව 107ක් ද වාර්තා වී ඇත.
අනෙක් ආසාදිතයන් සියළුදෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වී ඇත.
පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 ආසාදිත වීමෙන් පුද්ගල මරණ 06 ක් වාර්තා වී ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ, බොරලැස්ගමුව, මහනුවර, වත්තල, වැලිමඩ, කළුතර උතුර සහ නාවලපිටිය යන ප්‍රදේශ වල පුද්ගලයින් වේ . ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 667 ක් දක්වා ඉහළ ගියේ ය.
කොවිඩ-19 වෛරසය ආසාදනය වූ සම්පූර්ණ සංඛ්‍යාව – 106, 484
පූර්ණ සුවය ලබා රෝහල් වලින් බැහැරව ගිය සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව – 95,445
දැනට රෝහල් වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව – 10,372
දැනට ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 නිසා සිදු වී ඇති මරණ සංඛ්‍යාව – 667