Headlines

    කොරෝනා එන්නත් හදන Serum ප්‍රධානියාට කමාන්ඩෝ ආරක්ෂාව..

    ලොව විශාලතම කොවිෂීල්ඩ් කොවිඩ් එන්නත් නිෂ්පාදක ඉන්දීය සීරම් (Serum) ආයතනයේ ප්‍රධානී අදර් පූනාවාලාට ආරක්ෂාව ලබා දීමට ඉන්දීය බලධාරීන් තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

    ඉන්දීය මාධ්‍ය වාර්තා ප්‍රකාශ කරන්නේ, කොවිෂීල්ඩ් එන්නත ප්‍රාන්ත ආණ්ඩු සඳහා ලබා දීමේ අය කරන මුදල සම්බන්ධයෙන් පූනාවාලාට තර්ජන එල්ල වන බවට ආරක්ෂක අංශ මගින් තහවුරු වීමත් සමග මෙම ආරක්ෂාව ලබා දීමට රජය කටයුතු කර ඇති බවය.

    ඒ අනුව ඔහුට Y කාණ්ඩයේ ආරක්ෂාවක් ලබා දෙන ලෙස ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නියෝග කර ඇති බවත් එහි දී ඔහු සඳහා විශේෂ බලකායේ කමාන්ඩෝ බටයන් දෙදෙනෙකු හා පොලිස් නිලධාරීන් ඇතුළත් 11 දෙනෙකුගේ කණ්ඩායමක් ඔහුට ආරක්ෂාව සපයනු ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

    පසුගිය දින වලදී ඉන්දියාවේ වයස අවුරුදු 18 ත් 45 ත් අතර වයස් කාණ්ඩ සඳහා ලබා දෙන කොවිෂීල්ඩ් එන්නත, සාමාන්‍ය මිලට වඩා ඉන්දීය රුපියල් 150 ක පමණ මුදලක් වැඩිපුර අයකරන බවට සැලවීමත් සමගින්, සීරම් ආයතනය ඉන්දීය ජනතාව අතර දැඩිව විවේචනයට ලක් වන්නට වු අතර විපක්ෂ දේශපාලනඥයින් ඇතුළු බොහෝ පිරිසක් ඊට එරෙහිව සිය මත පළ කළ අතර “One vaccine one price” යන පාඨය මුල් කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ සීරම් ආයතනයට එරෙහිව අදහස් පළ වූ බව ද වාර්තා වේ .

    පසුව සීරම් ආයතනයේ ප්‍රධානී අදර් පූනාවාලා ඊයේ (29) නිවේදනය කර තිබුණේ, එන්නත ඉන්දීය රුපියල් 300කට ප්‍රාන්ත වෙත එන්නත ලබා දීමට තම සමාගම තීරණය කළ බවය.

    කෙසේ වෙතත් සීරම් ආයතනයට අමතරව භාරත් බයෝටෙක් ආයතනය ද, කොවිෂීල්ඩ් එන්නත ඉන්දියාවේ නිෂ්පාදනය කර බෙදා හැරීම සිදු කරනු ලබන අතර මෙරට එන්නත්කරණ ක්‍රියාවලියේ දී ද ප්‍රමුඛව යොදා ගන්නේ ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත වන වේ.

    මේවනවිට මිලියනයකට ආසන්න ශ්‍රී ලාංකිකයන් පිරිසකට  එන්නතේ පළමු මාත්‍රාව ලබා දී අවසන් ය. ඊයේ (29) දිනයේ එන්නතේ දෙවන මාත්‍රාවද ලබා දීම ඇරඹුනි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *